IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රන්බඩු-සල්ලි අහිමිවූ කත මායමෙන් හොරා අල්ලාගෙන

(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගැහැනියගේ මොළය හැඳි මිටේ දිගයි කීවාට මායම් 64න් එකක් යොදා සොරකු අල්ලා ගැනීමේ සිද්ධියක් ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේදී දැකගත හැකිවිය. ඇය වඳුරඹ ලේලවල ප්‍රදේශයේ පදිංචි 58හැවිරිදි කාන්තාවකි. ස්ථිර රැකියාවක් නොතිබුණු ඇය රෝගීන්ගේ සාත්තුවට ළඟ සිට කිසියම් මුදලක් උපයා ගත්තාය. පසුගිය කාලයේ ඇය ගාල්ල නගරය ආසන්නයේ නිවසක රෝගී කාන්තාවක බලා ගත්තාය. මේ අතර නිවෙස් හිමියා නිවසේ වැඩට තවත් පිරිමියකු ගෙන්වා ගත්තේය.


මාකොළ ප්‍රදේශයේ පදිංචි ඔහු 50 හැවිරිදි වියේ පසුවිය. ඔහුද කඩිසරව නිවසේ වැඩ කටයුතු කළේය. ටික දිනකින් රෝගී කාන්තාවගේ සාත්තුවට සිටි කාන්තාව සහ ඔහු අතර අනියම් සම්බන්ධයක්ද ඇති විය. මේ නිසා ඔහු ඉල්ලන ඕනෑම දෙයක් දීමට තරම් ඇය පරිත්‍යාගශීලී වූවාය.


මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දිනෙක තම බිරිඳට මගුල් ගෙදරකට යාමට බව පවසා ඔහු ඇයගේ මාලය මුද්ද සහ රුපියල් හැට දහසක්ද ඉල්ලාගෙන ගියේය. ඇයද ඒවා දුන්නේ ඉතා කැමැත්තෙනි. එහෙත් ඇයට ඒවා ආපසු ලැබුණේ නැත. සියලු‍ බලාපොරොත්තු සුන්වූ ඇය අවසානයේ පොලිසියේ පැමිණිල්ලක් දැම්මාය. ඒ අනුව පොලිසිය ඔහුගේ ලිපිනය සොයා ගියත් ඔහු එම ඔහු එහි නොවීය.


එහෙත් ඇය එතැනින් නතරවූයේ නැත. වෙනත් කාන්තාවක් ලවා ඔහුට දුරකතනයෙන් කතාකර සම්බන්ධයක් ඇති කර ගැනීමට සැලැස්වූවාය. එම කාන්තාවද එය මැනවින් ඉටු කළාය. 


ගාල්ල ආයුර්වේද රෝහලේ රෝගියකු බලා ගැනීමට පැමිණෙන ලෙස එම කාන්තාව විසින් කරනලද ඉල්ලීම අනුව ඔහු පැමිණියේය. එහෙත් ඔහුට සිදුවූයේ රෝගියා බලා ගැනීමට රෝහලට යාමට නොව ගාල්ල පොලිසියට යාමටය.


ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂක රණතුංග, උප පොලිස් පරීක්ෂක කිර්ති යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගත්හ.


සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

රන්බඩු-සල්ලි අහිමිවූ කත මායමෙන් හොරා අල්ලාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site