IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


රෝදෙ හුළං ගියාම ගොවියෙක් රියැදුරුත් හොල්මන්වන උපදෙසක් දීලා

(හාරිස්පත්තුවේ මොහොමඩ්  ආසික්)
ලොරි රථයේ ටයරයක හුළං බැසීම නිසා ජලාශයක් අයිනේ  ලොරිය නවතා ගැලවූ ටයරයේ  ඇණ මුරිච්චි හතර  ජලාශයට වැටීම නිසා කර කියා ගත නොහැකිව සිටි රියැදුරුට   ගොවි මහතකු  දුන් විසඳුමෙන් රියැදුරු අන්දුන් කුන්දුන් වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


 කන්ද උඩරට ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක් හරහා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි  රථයක ටයරය පුපුරා ගියේ අනපේක්ෂිත මොහොතකය. මෙම මාර්ගය ජනාකීර්ණ නොවූ ජලාශයක ආසන්නයේ වූ මාර්ගයක් නිසා  රියැදුරු ලොරි රථය ඉතා අපහසුවෙන් ජලාශය ආසන්නයේ  අයින් කර නවතා සිදුව ඇති දෑ පරීක්ෂා කර බැලීය. 


එහිදී ඔහුට දැක ගන්නට හැකිව ඇත්තේ ඉදිරිපස ටයරය පුපුරා හුළං බැස ඇති බවයි. කළ යුත්තේ එකම දෙයක් බව වටහා ගත් ඔහු වහාම ටයරය මාරු කිරීමට පටන්  ගත්තේය. ටයරයේ ඇණ  මුරිච්චි හතර ගලවා    කුඩා ප්ලාස්ටික් කෝප්පයක දමා ජලාශය බැම්ම මත  තබා තම කටයුත්ත සිදු කරමින් සිටියේය. 


එම අවස්ථාවේ එම ස්ථානයෙන් දිව ගිය සුනඛයකුගේ ඇඟේ වැදී ඇණ මුරුච්චි තිබූ කෝප්පය  ජලාශයට  වැටුණේය.  මේ ගැන අවධානය යොමු  නොකළ රියැදුරු ටයරය මාරු කිරීමේ කටයුත්ත සිදු කරමින් සිටියේය. ටයරය සවි කර ඇණ තද කිරීමට ඇණ මුරිච්චි සෙවීමේදී ඔහුට තරු පෙනිණ. තමන් ජලාශ බැම්මේ තිබූ ඇණ මුරිච්චි එහි නොවීය. ඇණ තද නොකර ගමන්ක කළ නොහැකි අතරම, ඒවා මිල දී ගන්නට තැනක්ද  ළඟ පාතක නොවීය.


 අමතර ඇණ මුරිච්චි තිබේදැයි ලොරිය පුරා ඇද බැලූ නමුත් සොයා ගත නොහැකි විය. මෙසේ කල්පනා කරමින් සිටින අතරතුර එම ස්ථානයෙන් සිය කුඹුරේ සිට එමින් සිටි ගොවි  මහතෙක්  මෙය දැක විමසා බැලීය. සිදුව ඇති දෑ රියැදුරු මහතා ගොවි මහතාට පැහැදිලි කර දුන් අතර තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කීය.


ලොරිය වටා රවුමක් ගොස් ලොරිය  සම්පූර්ණයෙන් විපරම් කර බැලූ ගොවි මහතා රියැදුරු මහතාට   මේ ගැටලුව සඳහා  අපුරු විසඳුමක් ලබා දුන්නේය.


 මහත්තයෝ මේක ඒ තරම් ගැටලුවක් නෙවෙයි. මේ ලොරියේ අනෙක් ටයර් තුනේ ඇණ හතර ගානේ තියෙනවා. ඒවායෙන්  එක් ටයරයක  එක ඇණයක නට් එක  ගානේ ගලවා  මේ ටයරයට සවි කර ගන්න. එතකොට ටයර් හතරට  තද කළ ඇණ තුන ගානේ තියෙනවා.  ටයරයකට ඇණ තුන ගානේ සවි කර ගත්තහම ඕනෑ තරම් දුරක් යන්න පුළුවන් යැයි කීය. 


මේ විසඳුම ඇසූ රියැදුරුට  සිහින් ලජ්ජාවක් ඇති වනු දක්නට ලැබිණ.

 



අදහස් (2)

රෝදෙ හුළං ගියාම ගොවියෙක් රියැදුරුත් හොල්මන්වන උපදෙසක් දීලා

Narada Thursday, 01 July 2021 10:02 AM

ගොඩක් පරණ කතාවක්...

:       0       0

pakeer Saturday, 03 July 2021 12:32 AM

මේක මහා පරණ කතාවක්නේ.. මේක දන්නේ නැති අයත් ඉන්නවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site