තාලයකට නළාව හඬවමින් තම නිවස අසලින් එහා මෙහා යන අයිස්ක්‍රීම් වෙළෙන්දා තම දරුවන් කුලප්පු කරන බව පැවැසූ කාන්තාවක් පොල්ලක් රැගෙන අයිස්ක්‍රීම් වෙළෙන්දා පසුපස පැන්නූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
ගමේ තරුණ පිරිසක් පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.

ගම්බද ප්‍රදේශයක කාන්තාවකි. සිව් දරු මවකි. සැමියාගෙන් වෙන්ව ජීවත් වූ ඇය දරුවන් පෝෂණය කළේ කුලී වැඩ කිරීමෙනි.
සිය නිවස අසලින් නළාව හඬවමින් දින දෙක තුනකට වරක් ගමන් ගන්නා අයිස්ක්‍රීම් වෙළෙන්දා ගැන ඇය සිටියේ දැඩි කෝපයෙනි.
නළාවේ හඬට දරුවන් කලබල වී අයිස් ක්‍රීම් ඉල්ලා ඇයට ඇවිටිලි කිරීම ඊට හේතුවී තිබිණි.
දරුවන්ට දිනපතා අයිස් ක්‍රීම් රැගෙන දෙන්නට තමා අත මුදල් නැති බැවින් ඇය දින කීපයක්ම ඒ බව අයිස් ක්‍රීම් වෙළෙන්දාට කාරුණිකව පහදා දෙමින් කියා සිටියේ තම නිවස අසලින් යන විට නළාව නිහඩ කරගෙන යන ලෙස කාරුණික ඉල්ලීමක් ද කරමිනි.
අතේ මුදලක් ඇතිවිට තමා දරුවන්ට අයිස්ක්‍රීම් රැගෙන දෙන බව ද ඇය වෙළෙන්දාට කියා සිටියාය.
එහෙත් සිය ප්‍රධානතම පාරිභෝගිකයන් පිරිසක් වූ මෙම දරුවන් සිව්දෙනා අත හරින්නට සූදානම් නොවූ වෙළෙන්දා දින කීපයකට පසුව ද ඇගේ නිවස ඉදිරියෙන් යද්දී වෙනදාටත් වඩා වැරෙන් නළාව හඬවන්නට පටන් ගත්තේ කාන්තාවගේ කතාව තඹයකට හෝ මායිම් නොකරමිනි.
අයිස්ක්‍රීම් වෙළෙන්දාගේ නළා හඩ ඇසී කලබලයට පත් පොඩි උන්ටික මවගේ ඇඟේ දැවැටී අයිස්ක්‍රීම් ඉල්ලා කෑ මොර දෙන්නට පටන් ගනිද්දී මවගේ ඉවසීමේ සීමාව ද පැන්නේය.
අතට හසුවූ දර පොල්ලක් අතට ගත් ඇය දරුවන් ඇඟේ එල්ලෙද්දීම පරුෂ වචන කීපයක් තෙපළමින් අයිස්ක්‍රීම් වෙළෙන්දා වෙත දිව ගියේ “කියන දෙයක් තේරෙන්නේ නැද්දැ යි” විමසමිනි.
ඒ වන විටත් එහි රැස්ව සිටි තරුණයන් හා දරුවන් කීපදෙනෙකුට කාන්තාවගේ හැසිරීම මහත් ආශ්වාදයක් ගෙන දුන් අතර ඔවුන්ගෙන්ද ඇයට හිමිවූවේ අපුරු තල්ලුවකි.
කෙසේ වෙතත් එන පොට හොඳ නැති බව දැනගත් අයිස්ක්‍රීම් වෙළෙන්දා සිය පාපැදිය වැර දමා පාගන්නට වූවේ අයිස්ක්‍රීම් මිලදී ගන්නට රොක්වූ පිරිසද අත්හැර දමමිනි.
(වියලුවාර්තාකරු)
2025 ඔක්තෝබර් මස 08
1573
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
රතු ඉර පැන්න අම්මණ්ඩි දර පොල්ලත් අරන් අයිස්ක්‍රීම් කාරයා පස්සෙන් පන්නලා
dasun Saturday, 14 July 2018 08:36 AM
ඒ අම්මට හිනාවෙන්න එපා. ඒ මනුස්සයා දරුවන්ට කන්න දෙන්න විඳින දුක දිහා බලන්න. මේ නලා වෙළෙන්දාට කවුරු හරි කියලා දෙන්න අම්ම කෙනෙක් දරුවන්ට ආස දෙයක් දෙන්න බැරිවුනාම හිතෙන් විඳවන්න පුළුවන් බවත්.
Thusha Saturday, 14 July 2018 04:56 PM
හරිම දුකක් හිතට දැනුනා,මේ කතාව කියවද්දී. පව් ඒඅසරණ අම්මා. ඔය ගමේ මුදල් හදල් යහමින් ඇති ,කාරුණික හදවතක් ඇති කෙනෙක් හිටියේ නැද්ද ,මේ කුඩා දරුවන්ගේ ආශාවන් ගැන පොඩියට හරි පිහිටක් උපකාරයක් කරන්නට. අයිස්ක්‍රීම් පමණක් නොව ,ඉගෙනීමට අවශ්‍ය දෙයකින් හෝ උදව්වක් පදව්වක් කිරීමට හැකියාවක් ඇති කෙනෙක්.