IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


රොටී හදන්න සබන් කුඩු අනලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



තමාට රසවත් විදිහට රොටි සෑදීමට හැකි බව පෙන්වීමටත් භාර්යාවට සුළු විවේකයක් දීමටත් රැයක යෙදූ උපාය වැරදී, පැරදී භාර්යාව ඉදිරියේ රෙදි ගලවාගත් අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
 නැන්දම්මා සිටිනුයේ ඔහුගේ නිවසේය. අනෙක් දරුවෝ ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට ඇය බලන්න එති. ඒ කඳමළු බැදගෙනය. එදා එලෙස පැමිණියේ ලොකු මස්සිනාය. ඔහු වියළි ආහාර පාර්සල් රැසක්ම සිය මෝටර් රථයෙන් බෑවේය.


ලොකු මස්සිනා ගිය පසු එදා හැන්දෑවේ නිවෙස් හිමියා සිය භාර්යාව සමග මේ වියළි ආහාර පාර්සල් මලු‍ එකෙන් එක ගෙන පරීක්ෂා කළේය. ඒ අතර නමක්, ගමක් නැති පොලිතීන් අසුරණයක තිබූ පාන් පිටි පැකැට්ටුවකට ඔහුගේ හිත ගියේය. ඒ කුකුළු මස් හොදිත් එක්ක රෑක රොටි බුදින්න ඇත්නම් යයි අදහස ඔහුගේ සිතට පැන නැගීමත් සමගමය. එහි රසය මනසට දැනින. ඒ එක්කම ඔහුගේ කටට කෙළ ටොන් ගණනින් ආවේය. අත පත ගා සුවදක්වත් නැති මේ සුදෝ සුදුවට පොලිතීන් පැකැට්ටුවක අසුරා තිබූ මේ පැකැට්ටුව පාන් පිටි යයි ඔහුගේ භාර්යාවද නිර්දේශ කළේය.
 රැය එදාය. එදා දිවා කාලයේදී සෑදූ කුකුළු මස් හොද්දේ අවශේෂ හොදි හට්ටියේ පතුල යාන්තමට එදා හවස් වනතුරුත් වැසී තිබිණ. කුකුළු මස් කෑලිවල අවශේෂ කොටස් කිහිපයක් ද එහි විය. එය දුටු ඔහුට හොඳ අදහසක් ආවේය. සිය ලොකු මස්සිනා ගෙනා පාන් පිටි පැකැට්ටුවෙන් රොටි සෑදීමය.
ඒ නිසාම ඉතිරිවූ කුකුළු මස් හොදි හට්ටියට උණු වතුර ස්වල්පයක් එක්කොට එයට මිරිස්, ගම්මිරිස්, ලු‍ණු කුඩු ස්වල්පය බැගින් එක්කොට රත් කර ගත්තේය. ළිපේ නටමින් තිබූ මේ හොද්දේ සුවඳත් එක්කවුවත් රොටි කෑ හැකි යයි තමාටම කියා ගත් ඔහු භාර්යාවට එදා රෑ පැත්තකට වෙන්න යයි පවසා රොටි හදන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. කුස්සියේ තිබූ එකම පොල් ගෙඩිය ඉවරවෙනතුරුම ගා ගත්තේද ඔහුය.
එදා රෑ ඔහු තමා ගාගත් පොල් ගෙඩියේ පොල් මැටි කෝප්පයකට දමා ලොකු මස්සිනා ගෙනා පාන්පිටි පැකැට්ටුව ගඳක් සුවඳක් නොබලාම එයට දැමූවේ මෙය පාන් පිටි යයි එදා සිය භාර්යාවද නිර්දේශ කළ නිසාවෙනි. පොල් එක්ක කලවම් කරමින් සිටි ඔහු ඊට වතුර ස්වල්පයක් එක් කළේය.ඒ සමගම පෙන පෙන මතුවී එනු ඔහු දුටුවේය. ඔහුට සැක සිතුණේය. මැටි කෝප්පය තුළටම නාසය ඔබා එහි සුවඳ බැලු‍වේය. දෙයියනේ මේ රෙදි සෝදන කුඩුය.
ඔහුට දෙවියන් සිහිවිය. වහාම භාර්යාව කැඳවීය. සිද්ධ වෙලා තියෙන සන්තෑසිය ගැන භාර්යාවට කීවේය. ඒ සමගම ඇයගේ දෙනෙතේ ගිනි පුපුරුය. තමුසේ මදැයි කොළා දැන් උයන්න පොලු‍ත් නැහැ. මේ හාල් ළිපේ තියන්න වෙලාවකුත් නෙමෙයි දැන් ගිහිල්ලා පාන් ගෙඩි දෙකක්වත් ගේනවා යයි කියමින් භාර්යාව ගොරහැඩි හඩින් කෑමොර දුන්නාය.
ඔහු රෑ යනවිට ගමේ කඩේ පාන් විකිණී අවසන්ය. රෑ මේ අලකංචිය නිසාම පවුලේ සියල්ලන්ටම බඩ ගින්නේ සිටින්නට සිදුවිය. ඔහුගේ මේ රොටි පිච්චීම මතක් වන මතක් වන හැමපාරකම භාර්යාව ඔහුට දෙස්දෙවොල් තියනුයේ කණේ ඇඟිල්ල ගසා ගන්නකම්මලු‍.

 



අදහස් (1)

රොටී හදන්න සබන් කුඩු අනලා

Pradeep Kumara Tuesday, 23 September 2025 05:05 PM

කිසිම ලේබලයක්, නමක් නැතිව රෙදි සෝදනා කුඩු කොහේද තියෙන්නේ? අනික ලේබලයක් නොතිබුණත් රෙදි සෝදන කුඩු සහ පාන් පිටි වෙන්කර හඳුනා ගන්න ඕනෑම මෝඩයෙකුට වුණත් පුළුවන්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site