(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
යාචකයාගේ වදනින් උන් හිටි තැන් අමතක වූ ආයතන ප්‍රධානියකු ජාමේ බේරාගෙන නික්ම ගිය පුවතක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
රජයේ සංවර්ධන කටයුතුවලට දායක වන රාජ්‍ය ආයතනයකි.
පසුදින පැවැත්වෙන උත්සවයකට පූර්ණ දායකත්වය ලබා දිය යුතුය. ඒ සඳහා ආයතන ප්‍රධානියා වන මොහු සැදී පැහැදී සිටියත් ඔහුගේ බිරිය හදිසියේ රෝගී වූවාය.
ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබුණේ තත්ත්වය තරමක් බරපතළ වූ නිසාය.
බිරියගේ අසනීප තත්ත්වය හේතුවෙන් සැමියාට ඇය බැලීමට යාමට සිදුවූ නිසා උත්සවයට යාමට නොහැකි විය.
කෙසේ වෙතත් උදේම ගොස් බිරිය බලා පමා වී හෝ උත්සවයට සහභාගි වෙන සිතුවිල්ලෙන් ඔහු රෝහල බලා ගියේය.
ඔහු රෝහලට තරමක් පමාවීමෙන් ඔහුට රෝගී බිරිය බැලීමටද නොහැකි විය. ඒ අනුව දහවල් කාලයේ වාරය උදාවන තෙක් ඔහුට එහි ගේට්ටුව අසල රැඳී සිටින්නට සිදුවිය.
මේ අතර ඔහු උත්සවයේ කටයුතු ගැන වරින් වර විමසුවේය.
දැන් ඇමැතිතුමා ආවාද? අැමැතිතුමාගේ ලේකම්ට කියන්න මාගේ නෝනාට අමාරුවෙලා මං හදිසියේ අනුරාධපුර රෝහලේ ඉන්නේ කියලා ඔහු ආයතනයේ තවත් නිලධාරියකුට කීවේය.
එම සංවාදයට සවන් දුන් යාචකයෙක් ඔහු අසලට පැමිණ මහත්තයා පැත්තකට අඬගහගෙන ගියේය.
යාචකයා මහත්තයා අමතන්නට විය.
‘‘මහත්තයෝ ඔය දේශපාලකයාගේ නම අහන්නවත් අපේ කට්ටිය කැමැති නෑ. ඔයා කතා කරන්න පරිස්සම් වෙන්න. නැතිනම් මහත්තයාටත් අම්බානට කාගෙන රෝහලේම තමයි නවතින්න වෙන්නේ’’ ඔහු කීය.
‘‘ඇත්ත තමයි, මට වැරදුණා. උන්හිටි තැන් අමතක කර මං කතා කරපු හැටි වැරදියි’’.
රටේ තත්ත්වය තේරුම් ගත් ආයතන ප්‍රධානියා යාචකයා අතට රුපියල් සියයක නෝට්ටුවක් ද තබා ස්තුතිය පිරිනමා බිරිය බලන්නට වාරය එනතුරා කට පරිස්සම් කර ගත්තාලු.
2025 නොවැම්බර් මස 04
59
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2014
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටේ හැටි ෙනාදැන කට ගැසූ ලොක්කාට යාචකයකුගෙන් පාඩමක්