IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රොටී දන්සලේ සංවිධායකයා කතකගෙන් අමුතු ඉල්ලීමක් කරලා

  • පදවිය පියදාස සමරවීර 

රොටී දන්සලක දී කතක තම නිවසේ සිටින වයෝවෘද්ධ මවට හා පුතුට රොටි දෙකක් ඉල්ලූ අවස්ථාවේ එහි සංවිධායකවරයකු කළ අමුතුම විදියේ ඉල්ලීමකින් කාන්තාව දැඩි අපහසුතාවට පත් වූ පුවතක් ශ්‍රීපුර පලුගස්වංගුව ප්‍රදේශයෙන් වාර්තා වේ. 

පොසොන් පෝය නිමිති කරගෙන ප්‍රදේශයේ පැවැති දන්සල් අතරේ පලුගස්වංගුව ප්‍රදේශයේ රොටි දන්සලක් ද විය. ජනතාව පෝලිම්වල රැඳෙමින් දන්සලට සහභාගි වූයේ රොටි ලබා ගැනීමටය. 

මේ අතර තරුණ මවක් ද තම යෙහෙළියන් සමග පෝලිමේ රැඳෙමින් තම අවස්ථාව ආ විගස දන්සලෙන් එක රොටියක් ලබා ගත්තාය. මේ අවස්ථාවේ තරුණ කාන්තාව ‘අනේ මට තව රොටී දෙකක් දෙන්නැයි ඉල්ලුවේ බැගෑපත් අයුරෙනි. 

එහෙම රොටී දෙන්න බෑ. 

ඒ මොහොතේ වහා ක්‍රියාත්මක වූ දන්සල් සංවිධායකවරයකු පැවැසුවේ තරමක් උස් හඬිනි. 

තම නිවසේ සිටින වයෝවෘද්ධ මවට හා පුතුට අරන් යාමට රොටී දෙකක් දෙන ලෙස ඇය යළිත් ඉල්ලා සිටියාය. 

එහෙනම් ග්‍රාම සේවකගෙන් පවුල් ලැයිස්තුව ඉල්ලා ඉදිරිපත් කරන්නැයි සංවිධායකවරයා සඳහන් කළේ කලින්ටත් වඩා උස් හඬිනි. 

විශාල පිරිසක් ඉදිරිපිට සංවිධායකවරයා සිදුකළ ප්‍රකාශයත් සමග ලජ්ජාවට පත් කාන්තාව එතැනින් යෙහෙළියන් සමග ඉවත්ව ගොස් ඇති අතර පසුව හෝ රොටී දෙකක් එම තරුණ මවට දීමට තරම් සංවිධායකවරුන් සිත් පහළ නොවී ඇතැයි ද එහි පැමිණ සිටි ජනතාව කීහ. 



අදහස් (3)

රොටී දන්සලේ සංවිධායකයා කතකගෙන් අමුතු ඉල්ලීමක් කරලා

කිරි ආතා Thursday, 08 June 2023 03:10 PM

අපේ අම්මලා නම් අපිව ගෙදර දාලා දන්සැල් කන්න ගියේ නෑ අපේ හාමුදුරුවනේ. අනෙක මොනවා හරි කෑමක් හම්බ වුනත් ඒකත් නොකා ළමයින්ට අරගෙන ආවා. අපිත් ඒ ක්‍රමේටම හුරුවෙලා අපිට ලැබෙන දේවල් දරුවාට ගිහින් දෙනවා. කාලේ වෙනස්වෙලා තියෙන හැටි...!

:       1       7

pakeer Thursday, 08 June 2023 09:53 PM

නියම දන්සැල් ඕවා තමයි රට හැමතැනම තියෙන්නේ. මේ අය දන්නේ නැහැ දානයක් දෙන්න...

:       0       11

Walter H. White Saturday, 10 June 2023 08:31 AM

අපේ රටේ මිනිස්සු තමන්ට ලැබෙන පුංචිම හරි බලයක්, පොඩි නායකකම් සංවිධායකකම් තැන නොතැන බලා ඒවාහි බලය ප්‍රදර්ශනය කරලා තමාත් මහා ලොක්කෙක් බව ප්‍රදර්ශනය කරන්න හරි කැමතියි.

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 646 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17679 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site