IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රට ගිහින් ඇවිත් පයේ ගාන ක්‍රීම් මූණේ ගාලා රෝහලෙත් නැවතිලා

වසර දෙකක රට රස්සාවට ගොස් සියරට බලා පැමිණෙද්දී තමා සේවය කළ නිවසේ ස්වාමිදුව මතක සටහනක් ලෙස දුන් දෙපයේ ගල්වන ක්‍රීම් වර්ගයක් මුහුණේ ආලේප කර හැඩවැඩ වූ මවකට හා ඇගේ දියණියට එම ක්‍රිම් වර්ගය අසාත්මිකවී රෝහල් ගතවීමට සිදුවූ බව කියන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය.


ඇය මැදපෙරදිග රැකියාවට ගියේ මීට වසර දෙකකට පෙරය. සේවා කාලය නිමවූ ඇය පසුගිය දිනෙක ලංකාවට පැමිණියේ අතින් කටින් බඩු මුට්ටු තොගයක්ද එල්ලාගෙනය.


ඇය රැගෙන පැමිණි බඩු මුට්ටු අතර ඇය සේවය කළ නිවසේ ස්වාමි දුව මතක සටහනක් ලෙස පරිත්‍යාග කළ විවිධ වර්ගයේ සුවඳ විලවුන් හා ක්‍රීම් වර්ග අඩංගු වටිනා රූපලාවන්‍ය කට්ටලයක් විය.


ඇය මෙන්ම තරුණ වියේ පසුවූ ඇගේ දියණිය ද කිසිදිනෙක දැක නැති මෙම විවිධ ක්‍රීම් වර්ග මෙන්ම සුවඳ විලවුන් වර්ග ද ආලේප කළේ තරගයට මෙන්ය. ගතවූයේ දින කීපයකි. මවගේ මෙන්ම දියණියගේද මුහුණු ජම්බු ගෙඩි මෙන් ඉදිමී රත් පැහැ ගැන්වුණු අතර එම ස්ථාන කැසීම නිසා එම ස්ථාන තුවාලවී වතුර ගලන්නට ද පටන් ගත්තේය.


අවසානයේ මවත් දියණියටත් එකම රෝහලක යාබද ඇඳන් දෙකක නේවාසික වන්නට සිදුවූයේ ඒ සඳහා ප්‍රතිකාර ගන්නටය.


මේ ක්‍රීම් වර්ගය පිළිබඳ සොයාබැලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැන ගන්න ලැබුණේ අදාළ ක්‍රීම් වර්ගය අසාත්මිකතාව පිළිබඳ පරික්ෂා කිරීමෙන් අනතුරුව දෙපයේ ගල්වනු ලබන ක්‍රීම් වර්ගයක් බවය.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

රට ගිහින් ඇවිත් පයේ ගාන ක්‍රීම් මූණේ ගාලා රෝහලෙත් නැවතිලා

අනිල් Monday, 03 October 2016 07:19 AM

පව්, අහිංසක මිනිස්සු... නොදැනුවත්කමට හිනාවෙන්න හොඳ නැහැ....අපේ උදවිය දැන දැන කරන වැරදි වලටයි හිනා වෙන්න ඕනෑ.(හේ)

:       0       0

මැගිලින් Monday, 03 October 2016 08:12 AM

ක්‍රීම් ගල්වනෙක වරදක් නොවේ.නමුත් එකවරම නොගල්වා සමේ එක තැනක පොඩ්ඩක් තවරලා දවසකට පමණ පසු එහි ප්‍රතික්‍රියාව බලලා ගන්නයි තිබුණේ එහෙනම් ඔයවගේ අකරතැබ්බයකට මුහුණ දෙන්නේ නැහැනේ. (බ)

:       0       0

අසෝකා Monday, 03 October 2016 05:25 PM

ඇත්ත. නොදැනුවත්කමට කරන දේවල්. ඒක අනිත් අයට හිරිහැරයක් වුණෙත් නැහැනේ. සමහරු දැන දැන අනුන්ට ඔයවගේ දේවල් කරන එක නම් අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

පද්මිණි Tuesday, 04 October 2016 12:00 PM

දෙපා වල රෝම ඉවත් කරන. ක්‍රීම් වෙන්ට ඕන. දෙපාවල ගාන ක්‍රීම් වුනත් මුහුණට ඔය තරම් හානියක් වෙන්ට බැහැ. (ර)

:       0       0

ගමගේ Monday, 03 October 2016 05:02 AM

ඔළුවෙන් හිටගෙන වෙන්න ඇති ක්‍රීම් ගාන්න ඇත්තේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site