ඇය කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයේ ගමක පදිංචි තරුණියක්. විදේශ රැකියාවක යෙදී සිටි ඇය සියරට පැමිණියේ නොබෝදාය. පසුගිය දිනෙක ජැන්ඩියට හැඩවැඩ වී සිටි මහත්වරු දෙදෙනෙක් යතුරු පැදියකින් ඇගේ නිවසට පැමිණියහ. එක් තරුණ මහත්මයෙක් නිවසට ගොඩවැදී තරුණියගේ නම කියා රට රැකියාවක් කර ආපසු පැමිණි ඇගේ නිවස මේකදැයි ඇසීය. අනෙකා යතුරු පැදිය පණගන්වාගෙන යමක් පිරික්සමින් සිටී. මෙහෙ තමයි ඒ දුව ඉන්නෙ මහත්තයෝ, මම ඒ දුවගේ අම්මා. අද ඒ දුව ගෙදර නෑ නෑදෑ ගෙදරක ගිහින්. හෙට නම් ඉන්නවා. ඇගේ මව එසේ පවසා ඇයි සර් දුවගැන ඇහුවේ. කියා ඇසුවාය. අපි හෙට එන්නම් අම්මා, එයාගෙ පාස්පෝට් එකට ලොකු තෑග්ගක් තියෙනවා. පාස්පෝට් එකේ නම්බර් එක අපට ඕනෑ හරියටම නවයට අපි එනවා. හොඳේ එසේ පවසා දෙදෙනාම යතුරු පැදියේ නැඟී ගියහ. හොඳ මහත්වරු මව එසේ පවසා ඔවුන් නොපෙනී යනතුරු බලා සිටියාය. පසුදා උදේ නියමිත වෙලාවට දෙදෙනාම පැමිණියේ එකෙක් එදා වගේම යතුරු පැදිය පණගන්වාගෙන වටපිට නරඹමින් සිටියදී අනෙකා ඇගේ නම කියා කතා කළේය. මිදුල අතුගාමින් සිටි ඇය ඔවුන් වෙත ආවාය. ප්ලීස් පාස්පෝට් එක ගේනවද අපට නම්බර් එක ඕනෑ ඔයාට ලොකු තෑග්ගක් තියනවා. ඔහු කීවේය. ඇය දෙපාරක් නොසිතා ගෙට ගොස් විදෙස් ගමන් බලපත‍්‍රය රැගෙන විත් ඔහුට දිගු කළා පමණි. විදුලියක් සේ ඇය වෙත කඩා පැන්න ඔහු ඇගේ කරේ තිබූ පවුම් දෙකක් බරැති වටිනා රන්මාලය ඩැහැගෙන යතුරු පැදියට නැගී පලා ගියහ. ආපු වාහනය පණගන්වාගෙනම කතාකරන කොටවත් හොරු කියල හිතුනෙ නැද්ද අසල්වැසි වැඩිහිටියෙක් ඇසුවාලූ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගිහින් ආ දියණියට අපූරු තෑග්ගක්
ඉශන්ක Friday, 06 July 2012 04:26 PM
මොලේ මැටිද, මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි...