(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
නිකවැරටිය ප්‍රදේශයේ ග්‍රාමීය පෙදෙසක රාත්‍රියේ දෙබස් කථන මුද්‍රා නාට්‍යයක් (ජහුටා) පෙන්වන අවස්ථාවේ එහි රජතුමා සහ ඇමැතියා පෙරේදා (9) ගංජා සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පවසයි.
නාට්‍ය රඟ දැක්වීමට ආසන්නව තිබියදී සැකකරුවන් දෙදෙනා නුදුරින් පිහිටි අඳුරු ස්ථානයකට ගොස් ගංජා පානය කිරීමට සූදානම් වෙද්දී, ගංජා මිලිග්‍රෑම් 340 බැගින් දෙදෙනො සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. සැකකාර නාට්‍ය කරුවන් දෙදෙනා කටුපොත සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 සහ 30 වයස් වල පසුවන්නන් බවද, මොවුන් වයඹ පළාත් ප්‍රසිද්ධ දෙබස් කථන මුද්‍රා නාට්‍ය කණ්ඩායමක නළුවන් දෙදෙනෙකු බවත් පොලීසිය පවසයි. නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එල්. අමරකෝන් මහතාගේ අධීක්ෂණයෙන්, මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍ර.පො.ප. උපාලි රත්නමලල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරිණි. නිකවැරටිය මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන අතර සැකකරුවන් සහ ගංජා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය පවසයි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රජතුමාත් ඇමැතියාත් ගංජා උරද්දී කොටුවෙලා
sam Thursday, 12 September 2019 09:10 AM
එහෙනම් ඉතින් දොරටුපාලයාට රජකම දෙන්න. ඇත්තටත් දැන් සිද්ධවෙන්නේ ඒකනේ...