(පස්ගොඩ - තිලක් එච්. ගමගේ)
ඔහු වතු යායක මුරකරුවෙකි. මත් පැනට අසීමිත ලෙස ලොල් වූ හෙතෙම ඉඩ ලැබුණු හැම විටම වතු යායට නුදුරින් පිහිටි හොර සුරා තිප්පොළට හොර රහසේම ගොස් සූර්වීම සිරිතකි.
නීතියේ රැහැනට හසුනොවී කාලයක් තිස්සේ පවත්වාගෙන මෙම කසිප්පු තිප්පළ පිළිබඳ පොලිසියටද ඉව වැටී තිබිණි.
දිනක් හදිසියේම කඩාවැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් නිසා සුරාපොළ හිමියාද මත් පැන් පානය සඳහා පැමිණ සිටි කීප දෙනෙක්ද කොටුවූහ. ඒ අතර වූ මුරකරුට පැන යාමට අවස්ථාවක් නොවීය.
රාජකාරී අවස්ථාවේදී අත්අඩංගුවට පත් වුණොත් තමන්ට ඉන් බේරීමක්ද නැතිවන බව හැඟිණි.
පොලිසිය සමග වත්තේ අධිකාරිවරයා කුළුපග බව ඔහුට මතක් විය. වතු අධිකාරී බංගලාවට ඕ.අයි.සී. මහතා බොහෝ අවස්ථාවල පැමිණෙන බව සිහියට නැගිණි. ඔහුට නුවණක් පහළ විය.
පොලිස් නිලධාරීන් කොටුවූ අයගෙන් ප‍්‍රශ්න කරගෙන එද්දී මුරකරු ළඟටද පැමිණි පොලිස් නිලධාරියකු ‘‘හා... උඹත් බොන්න ආපු එකෙක් නේද?’’ ඇසීය.
‘‘නෑ... නෑ... සර්... මං මුර’’
‘‘යකෝ තොපි මුරකාවලූන් දාගෙනද කසිප්පු පෙරන්නෙ’’
පොලිස් නිලධාරියාගේ අත ඔහුගේ වම් කන හරහා යද්දී තරු විසිවෙන්නට විය. දෙවියන් සිහිවිය.
සිදුවූයේ කුමක්දෝ යැයි සිතා ගන්නට තරම්වත් වේලාවක් නොවිණි.
වත්තේ නම විකුණා බේරීමට සිතා කට වරද්දා ගත් මුරකරු පොලිස් කුඩුවේ කූරු ගනිමින් අහස පොළව ගැටලන්නට විය.
2025 ඔක්තෝබර් මස 08
1526
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
රාජකාරි වේලාවේ හොර ගමනක් ගිිහින් ගුටි කයි