මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
රුපියල් තුන්සියයකට මිල නියම කර තිබූ රේක්කය රුපියල් අනූවක් වැඩියෙන් මිල වැඩි කර විකිණීමට ගත් උත්සාහයක් කළගෙඩිහේනට නුදුරු ගමකින් වාර්තා විය.

එය කාන්තාවක විසින් කුඩා පරිමාණයෙන් පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලකි. වර්තමානයේ වගා කරන්නැයි නොයෙක් මාධ්‍යවලින් කළ දැනුවත් කිරීම නිසා එම ප්‍රදේශයේ තාත්තකු හා පුතකු එම කඩයට ගියේ රේක්කයක් මිල දී ගැනීමේ අටියෙනි.
රේක්කයක මිල රුපියල් 300ක් බව ඔවුහු පෙරදින එම අලෙවිහලෙන් රේක්කයක් මිලදී ගත් පුද්ගලයකුගෙන් දැන ගෙන සිටියහ.
රේක්කයක් දෙන්නැයි කළ ඉල්ලීමට අනුව කඩයේ ඇතුළට පෑනක් ද රැගෙන ගියාය.
රේක්කය රැගෙන ඒමට ප්‍රමාදවීම නිසා රේක්කය මිල දී ගැනීමට ආ පුද්ගලයා කඩය ඇතුළට ගොස් විපරම් කරද්දී එම කාන්තාව රේක්කයක් අතේ තබාගෙන පෑනකින් කිසියම් දෙයක් ලියනු දැක රේක්කයක් කීයදැයි විමසීය.
රේක්කයේ මිල වෙනස්කරනු දුටු බව වෙළෙඳහල් හිමි කාන්තාවට දැනීම නිසා තරමක් තැති ගෙන ගොත ගසමින් රුපියල් 390ක් යැයි කීවාය.
ගනු දෙනුව එතැනින් නැවතූ පාරිභෝගිකයා පුතුත් සමග වෙළෙඳහලෙන් පිටව ගියේ දොස් නගමිනි.
2025 නොවැම්බර් මස 04
81
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රේක්කයෙන් 90 ක් කඩාගන්න ගිහින් අතේ මාට්ටු වෙලා