IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යන්න විදිහක් නැතිව පාරේ ඉදලා අලි බාල්දියක් වැටිලා

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය


වන අලි නිතර ගැවසෙන කැලෑ පාරක ත්‍රිරෝද රථයක ගමන් ගත් ගැබිනි කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් රජරට පළාතේ ඈත ගමකින් අසන්නට ලැබෙයි. 
සිද්ධිය කෙටියෙන් මෙසේය.
එම ගම්මානය පිහිටි ප්‍රදේශය ඉතා දුෂ්කර ප්‍රදේශයකි. එම ගමට පැමිණීමට ඇති මාර්ගය කිලෝමීටර් දෙකක පමණ දුරක් ඇති අතර පාර දෙපැත්තේම ඇත්තේ ඝණ කැලෑවකි.
පසුගිය ජනපතිවරණ ඡන්දය පැවති දිනයේ මෙම ගැබිනිය අවශ්‍යතාවයක් සඳහා නගරයට බස් රථයක ගොස් ආපසු පැමිණ ප්‍රධාන පාරේ සිට එම ගමට හැරෙන මංසන්ධියේ සිටියේ යතුරු පැදියක් හෝ ත්‍රිරෝද රථයක් පැමිණේ යැයි බලාපොරොත්තුවෙනි. ඒ මොහොතේම ත්‍රිරෝද රථයක් පැමිණ ඇය ඉදිරිපිට නවතා ඇය ත්‍රිරෝද රථයට නංවා ගත්තේය. එම ත්‍රිරෝද රථයේ රියැදුරුට අමතරව තවත් තිදෙනෙක් සිටියහ.


ඔවුන් හොඳ හැටි මත් වතුර සප්පායම් වී තිබුණු වගක් කත දැන සිටියත් මුවින් නොබැන කරබාගෙන රථයට ගොඩ වී සන්සුන් ඉරියව්වෙන් සිටියේ ඇය ඔවුන් දන්නා හඳුනන අල්ලපු ගමේ තරුණයෙන් පිරිසක් නිසාය. ත්‍රිරෝද රථය කැලෑ පාර දිගේ ඉදිරියට ධාවනය වෙමින් තිබිණි. පාරේ වංගුවක් අසල පොලිස් ජීප් රථයක් නවතා තිබුණු අතර ඉන් පොලිස් නිලධාරීන් හතර පස් දෙනෙක් බිමට බැස අවි අමෝරාගෙන සිටියහ. ඈත තියාම ත්‍රීරෝද රථයට අත දිගු කර එය නවතා ගත් පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය ඉදිරියට ධාවනය නොකරන ලෙස අතින් සංඥා කළහ. ත්‍රීරෝද රථයේ සිටි රියැදුරා ඇතුළු පිරිස කලබලයට පත්වී පණ එපා කියමින් බිමට පැන ඇඳ සිටි සරම් උඩට ඔසවාගෙන දුවන්නට සැරසුණහ. කත පමණක් ත්‍රීරෝද රථයේ තනි වී සිටියාය. 
පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය ළඟට පැමිණ පවසා සිටියේ මීටර් පනහක් පමණ ඉදිරියෙන් දැවැන්ත වන අලියකු පාර මැද සිටින නිසා ත්‍රීරෝද රථය ඉදිරියට ධාවනය කිරීම වැළැක්වීමට රථය නතර කළ බවය. ත්‍රීරෝද රථයේ සිටි මිනිසුන් පැනයෑම පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් රථය පරීක්ෂා කළ අතර එහිදී නීති විරෝධී මත්වතුර බෝතල් කිහිපයක් ඔවුන්ට හසුවිය. 
පැය ගණනාවක් පාරේ රස්තියාදු වූ කත පොලිස් ජීප් රථයේ නංවාගෙන ගොස් ඇයගේ නිවෙස කරා ඇරලවීමට පොලිසියට සිදු වූ බව දැනගැනීමට ලැබිණි. 

 



අදහස් (0)

යන්න විදිහක් නැතිව පාරේ ඉදලා අලි බාල්දියක් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site