විදේශිකයකු පැදගෙන ගිය යතුරුපැදියක හැපී සුළු තුවාල ලැබූ දරුවකුට ප්‍රතිකාර ගැනීමට රුපියල් 5000 ක් දී දරුවා ඔහුගේ මවුපියන් ද සමඟ අසල වූ සුපිරි වෙළෙඳසලකට කැඳවාගෙන ගොස් ලංකා මුදලින් රුපියල් ලක්ෂ දෙකකට වැඩි වටිනා කෑම වර්ග ඇතුළු භාණ්ඩ මිලදී ගෙන දීමේ සිද්ධියක් කොග්ගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මේ සිද්ධියට සම්බන්ධ විදේශිකයා ප්‍රංශ ජාතිකයෙකි. මාසයක පමණ කාලයක සංචාරයක් සඳහා මෙරටට පැමිණි මොහු මුලින්ම පැමිණියේ කොග්ගල ප්‍රදේශයටය. එහි හෝටලයක ලැගුම් ගෙන සිටි විදේශිකයා ප්‍රදේශයේ යතුරුපැදි කුලියට දෙන ආයතනයකින් යතුරුපැදියක් කුලියට ගෙන ඒ යතුරුපැදියෙන් කොග්ගල සිට විනෝදය සඳහා තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයට යමින් සිටියේය.
කොග්ගල සිට ගමන් අරඹා සැතපුම් කීපයක් ගිය තැන අපරික්ෂාකාරීව පාර හරහා මාරු වූ කුඩා දරුවකුගේ ඇගේ යතුරුපැදිය හැපුණේ විදේශිකයා බිම ඇදවට්ටමිනි. අනතුරෙන් කුඩා දරුවා සුළු තුවාල ලැබුවේය. අනතුර සමඟ දරුවාගේ මවුපියන් ඒ ස්ථානයට දිව ආවේ අසුරු සැනිණි. එහෙත් දරුවාගේ වරද හෙයින් ඔවුනට කර කියාගත හැකි දෙයක් නොවීය.
සිද්ධිය ගැන විදේශිකයා මවුපියන්ගෙන් සමාව ඉල්ලුවේ ඔහුගේ මහත්මා ගතිය ප්‍රදර්ශනය කරමිනි. ඔහු එලෙස සමාව ඉල්ලීමෙන් නැවතුණේ ද නැත. දරුවාට බෙහෙත් දමා ගැනීමට රුපියල් 5000ක මුදලක්ද දරුවාගේ මව අත තැබුවේය. එතැනින් ද නැවතුණේ නැත.
දරුවා සහ මවුපියන් දෙදෙනා ඒ අසල තිබූ සුපිරි වෙළෙඳසලකට කැඳවාගෙන ගොස් රුපියල් ලක්ෂ දෙකකට වැඩි වටිනා චීස්, බටර්, චොක්ලට්, කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන ලබා දුන්නේය.
ඒ භාණ්ඩ ලබා දුන් විදේශිකයා ඒ ස්ථානයෙන් පිටව ගියේ මාර්ගයේ පරිස්සමෙන් යන ලෙස පවසා දරුවාගේ හිස ද අත ගෑමෙන් පසුවය. විදේශිකයාට මුවපුරා ස්තූති කළ දරුවාගේ මවුපියෝ අනතුරුව ඒ භාණ්ඩද රැගෙන දරුවා සමඟ සතුටු සිතින් නිවෙසට ගියහ.
හබරාදූව බී.එච්. රම්‍යා
2025 දෙසැම්බර් මස 18
131
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදියේ හැපුණු දරුවා ගැන දුක හිතුණ සුද්දාගෙන් බඩපුරා තෑගි