IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


යතුරුපැදියේ බිරිය කන්තෝරුවේදී අතුරුදන්වෙලා

  • බිංගිරිය-වික්ටර් සෝමවීර

තම බිරිය යතුරුපැදියේ පිටුපස ආසනයේ වාඩිවී ඇතැයි සිතු ස්වාමි පුරුෂයා බිරිඳ නිවෙසේ සිටියදී යතුරුපැදිය පණගන්වාගෙන සැතපුම් දෙකක පමණ දුරක් ගමන් කර සේවා ස්ථානය අසල නවතා බලද්දී ඇය අතුරුදන්වී සිටීමේ පුවතක් බෝවත්ත ප්‍රදේශයෙන් පසුගිය දිනෙක අසන්නට ලැබිණි.

බිරිය ස්වයං රැකියාවක නිරතවී සිටින්නියකි. රැකියාව කරන්නේ හල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි ස්ථානයකය. රජයේ රැකියා කරන්නන්ට සති අන්ත ඉරිදා නිවාඩු ඇතුළු අනෙකුත් රජයේ නිවාඩුවලට හිමිකම් ඇතත් ඇය හදිසිම කාරණයකට හැරෙන්නට නිවාඩු නොගෙන දිනපතාම රැකියාවට ගියාය.

සාමාන්‍යයෙන් වැඩි වශයෙන්ම ස්වාමි පුරුෂයාගේ යතුරු පැදියෙන් උදෑසන රැකියාවට යාම, නැවත ආපසු නිවෙසට පැමිණීම සිරිතක් වුවත් බස් රථවලින් ගමන් පහසුව සලසා ගන්නා අවස්ථාද තිබිණි. 

යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් ස්වාමි පුරුෂයා වෙත මුදල් ලබා දෙන්නේද බිරියයි. එනිසා සැමියා තම යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකරයි. එදා උදෑසන නියමිත වේලාව අනුව සේවා ස්ථානය වෙත බිරිඳ කැඳවාගෙන යා යුතු බැවින් සිය යතුරු පැදියට නැගී එය පණ ගන්වාගෙන බිරිය එහි වාඩිවීමට පැමිණෙන තෙක් බලාගෙන සිටියේය.

මේ වනවිට කුරුණෑගල ප්‍රදේශයේ රැකියාවකට බස්රියෙන් යන කාන්තාවක එම නිවෙසේ යතුරු පැදිය දමායාමට පැමිණ සිටියාය. යතුරු පැදිය අඹ ගසක් යට නතර කළ ඇය කිසියම් තැනැත්තකුට ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගෙන කතා කළාය. මේ අතර බිරියගේ හඬින් කන ළඟින්ම වාගේ ‘හරි හරි’ කියන වචන කීපයක් යතුරු පැදිය පණ ගන්වාගෙන ඉදිරිය බලා වාඩිවී සිටි ස්වාමිපුරුෂයාට ඇසෙන්නට විය. හරි කියන්නේ හරි නිසානෙ යැයි සිතූ ස්වාමි පුරුෂයා වේගයෙන් යතුරු පැදිය ධාවනය කළේය. 

ඔහු බිරියගේ සේවා ස්ථානය අසල යතුරු පැදිය නවතා බලද්දී දවල් තරු පෙනුණේ ඇය නොමැති බව දැන ගත් විටය. 

ඒ වනවිට ආරක්ෂිත හිස්වැසුම එක් අතකින්ද කෑම පාර්සලය සහිත බෑගයත් අනෙක් අතින්ද රැගෙන නිවසෙන් පාරට පැමිණි බිරිය මගතොට හමුවන අයට මහත්තයා මාව දාල ගියා යැයි පවසමින් බස් රියකින් සේවා ස්ථානයට යාමට බස් නැවතුමට ගියාය.

එහෙත් බස් රථයක් එනතුරුම ඇය රැගෙන යාමට යතුරු පැදිය නොපැමිණි බව පසුව දැනගන්නට ලැබිණි.



අදහස් (0)

යතුරුපැදියේ බිරිය කන්තෝරුවේදී අතුරුදන්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17649 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site