IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදිකරුගේ උත්තරේට පොලිසියත් අන්දුන් කුන්දුන්

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
රිය අනතුරු සම්බන්ධයෙන් පොලිසියට හිසරදයක් වූ පුද්ගලයකු දුන් උත්තරයකින් පොලිසිය හොල්මන් වූ පුවතක් නගරබඳ ප්‍රදේශයකින් වාර්තා විය.


ඔහුගේ අතින් නිතරම පාහේ රිය අනතුරු සිදුවෙයි. මෙම අනතුරු බොහෝමයක් සිදුවී ඇත්තේ බීමතින් යතුරුපැදියේ ගමන් ගනිද්දීය. ඒ මිතුරන් සමඟ සාද පවත්වා යනවිටය. එක්කෝ යතුරුපැදිය ලයිට් කණුවක, ගසක, තාප්පයක ගැටෙන අතර එසේ නැත්නම් බොක්කුවක් තුළට ඇද වැටී අනතුරට ලක්වූ අවස්ථා ඇත.


සිද්ධිය වූ දිනයේ ද ඔහු බීමතින් යතුරුපැදියෙන් ගොස් ඇති අතර යතුරුපැදිය ගසක ගැටී අනතුරට ලක්ව තිබේ. අනතුරින් යතුරුපැදියට දැඩි අලාභහානි සිදු වී ඇති අතර ඔහු ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.


පසුව ඔහුව පොලිසියට කැඳවා ඇති අතර පොලිසියේ නිලධාරියකු ඔහු අමතා පවසා ඇත්තේ ‘මල්ලී බයික් එකනම් ලේසියෙන් හදන්න බැරි වෙයි කියාය’ යාන්තම් ඇති කරදරයක් නතර වුණා යැයි නිලධාරියා තමන්ටම මුමුණා ගන්නා අතරතුර නිලධාරියා ඇමතූ යතුරුපැදිකරු ‘අවුලක් නෑ සර්. මම ගිය සතියේ ත්‍රිවිල් එකක් ගත්තා යැයි’ පවසා ඇත.


ඔළුවේ අත ගසා ගත් නිලධාරියා ‘බයික් එකෙන් මෙහෙම නම් ත්‍රිවිල් එකෙන් මොනවා වේවිදැයි’ පවසමින් අනතුර සම්බන්ධයෙන් සටහන් තැබීම ආරම්භ කර තිබේ.



අදහස් (1)

යතුරුපැදිකරුගේ උත්තරේට පොලිසියත් අන්දුන් කුන්දුන්

sampath Wednesday, 09 January 2019 11:00 AM

මේකට එකපාරක් උසාවිදාලා අත්හිටවූ සිර දඬුවමක් අරන් දුන්න නම් ඉවරයි..

:       5       109

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site