IMG-LOGO

යකා වැහුණු ගුරු බිරිය සැමියාගේ සහ නැන්දාගෙ හතර හන්දි කඩලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)

ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයකු වූ තම සැමියාට හා විශ්‍රාමික ගුරුවරියක වූ නැන්දම්මාට පහර දී ඔවුන් රෝහල් ගත කොට දික්කසාදය පතා ගිය උපාධිධාරි ගුරුවරියක පිළිබඳව පුවතක් එක්තරා ගමකින් අපට අසන්නට ලැබුණි. ඇය එක්දරු මවකි. සිද්ධිය මෙසේය.

දෙපාර්ශවයේ ආශිර්වාද මැද උජාරුවට ප්‍රසිද්ධ හෝටල් අතරේ පැවති මංගල්ලයකි. පසුව ඔවුහු සැමියාගේ මහ ගෙදර වාසය පටන් ගත්හ. ඒ අතරවාරයේදි එම කැදැල්ලට දියණියකද එක්වූවාය. නිවසේ තනියට නැන්දම්මාද සිටින්නීය. ගුරු දෙපළ රැකියාවට යන අතරතුර අත දරුවා රැක බලා ගන්නේද විශ්‍රාම සුවයෙන් පසුවන සැමියාගේ මව විසිනි . කාලය කෙමෙන් ගෙවී යද්දි එම විවාහක දෙපළ අතරේ අඩ දබරවීම් ඇති විය.

එය එන්න එන්නම වැඩි විය. දිනක් එලෙස රාත්‍රියේදී සුපුරුදු ලෙස පැවති අඩ දබර අතරේ යක්ෂ ආරූඪයක් ගත් ඇය සැමියාගේ පළඳින කණ්ණාඩි නවයක්ම පොළොවේ ගසා පාගා කඩා දැම්මාය. ඉන් පසු ඇය සැමියාට ද පහරදී අත දරුවා වඩාගෙන ගෙයින් නික්ම යාමට සැරසුණාය.

අත දරුවා ඇයගෙන් උදුරා ගත් සැමියා ඇය එලෙස පිටව යාම වළකාලීමට දැඩි උත්සාහයක් ගත්තේය. කුපිත වු ඇය දරුවා වඩාගෙන හිටගෙන සිටි සැමියාගේ යටි බඩට පා පහරක් එල්ල කළාය. ඒ සමගම ඔහු මොරදීගෙන බිම ඇද වැටී ඇත. පසුව නැන්දම්මාටද පහර පිට පහර දී ඇයගේ පිටද දරුණු ලෙසට සපා කා ඇත. අසල්වාසීහු දෙදෙනාම රෝහල් ගත කළහ.

ඒ අතරවාරයේදි රාත්‍රියේ නිවසේ තනි වු ඇය තම දරුවාද රැගෙන වෙනත් වාහනයක නැගී පොලීසියට ගොස් දික්කසාද වෙන බවට පැමිණිල්ලක්ද කොට ඉන් නික්ම ගොස් ඇත. රෝහලට ගිය සැමියා දැන් තම මව සමග එම නිවසේ පසුවෙන අතර ඇය තම මව්පියන්ගේ නිවසේ සිට සුපුරුදු සේවයට යන්නීය. සිද්ධිය සමථයකට පත් කිරීමට බොහෝ පිරිස් උත්සාහ කළද දික්කසාදය මිස නීරස වු යුගදිවිය යළි එපා බවට ඇය පවසන බව අසල්වැසියෝ කියති.



අදහස් (0)

යකා වැහුණු ගුරු බිරිය සැමියාගේ සහ නැන්දාගෙ හතර හන්දි කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 671 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 273 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site