IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යකඩ කෑල්ල වෙනුවට බයිසිකලය ඇඟට පෙරළලා

කටින් සෙම  දමමින්    පාපැදියකින් මාර්ගය  අයිනේ  වැටී සිටි  කාන්තාවකට  මීමැස්මොරය  වැළඳී  ඇතැයි  සිතා  ඒ  අසල  සිටි පිරිසක්  විසින් ඇයගේ  අතට  දෙන්නට  යකඩ  කෑල්ලක් සොයා ගැනීමට  නොහැකිවීම නිසා ඇඟ  උඩට පාපැදිය  පෙරළා  දැමූ  පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි.
විශ්‍රාම ලබා සිටි මෙම කාන්තාවට ප්‍රදේශයේ  ගෙවතුවල දළු නෙළීමට තවමත් ආරාධනා ලැබෙන්නීය. එසේ ලද  ඇරයුමකට මෙදින කෑම බීමද  සූදානම් කරගෙන පාපැදියෙන්  පිටත්ව  ගියාය. එසේ ගොස් එම ප්‍රදේශයේ පාලමක් අසල ඇය නතර වූයේ  ඇගේ  සහායිකාව  එනතුරුය.
පාලම අසල පාපැදියත්  නතර කරගෙන  සිටින විට ඇයට  එකවරම  ක්ලාන්ත  ගතියක් දැනී  ඇත. ඒ බව පැවසීමට  දුරකතනයෙන් සිය ස්වාමියාට ඇමතුමක් ගත්ත ද ඔහු  සම්බන්ධවීමට පෙර  ඇය  ඇදවැටී ඇත. සුළු මොහොතකින්  ඇගේ කටින් සෙම  වැගිරීමක් ද  සිදුව ඇත.


ඒ අවස්ථාවේ  ඇය  අසලට රොක් වූ  පිරිස  මී මැස්මොරය නැමති  රෝගය  වැළඳී  ඇතැයි සිතා පිළියමක් ලෙස  ඇගේ  අතට දීමට  යකඩ කැබැල්ලක්  සොයා  ඇතත් එය හමුවී නැත. බයිසිකලය  යකඩ  නිසා  එය  ඇගේ  ඇඟට දමමු  යැයි කෙනකු කළ යෝජනාව අනුව  ඇගේ  ඇඟට  බයිසිකලය  පෙරළා ඇත.
ඊට මොහොතකට පසු ඇගේ සැමියා දුරකතනයේ තිබූ බිරියගේ මගහැරුණු  දුරකතන ඇමතුම  දැක ඇයට ඇමතුමක්  ලබාගෙන ඇත.  බිමවැටී  සිටි කාන්තාවගේ  එක් අතක සිරවී  තිබෙන  දුරකතනය  නාදවෙනු දුටු ඒ අසල  සිටි තරුණයකු ඇමතුමට සම්බන්ධ වෙමින්  සිද්ධිය  ඔහුට  දැනුම් දී  ඇත.
ඊට ටික වේලාවකට පසු ඇගේ සැමියා එම  ස්ථානයට පැමිණ ඇයගේ ඇඟ උඩ  තිබෙන බයිසිකලය දැක ඒගැන විමසීමේ දී ඇයට මී මැස්මොර රෝගය වැළඳී ඇතැයි සිතා එසේ කළ බව එතැන සිටි අය පවසා ඇත.
ඇයට එවැනි රෝගයක් නැතැයි කියූ ඔහු පාපැදිය ඉවත් කර  119 ට  ඇමතුමක් ලබා දී ගිලන්  රථයක් ගෙන්වාගෙන රෝගියා රෝහල් ගතකර ඇත. දින දෙකක්  රෝහලේ  නේවාසිකව ප්‍රතිකාර ලැබූ  ඇයට  කිසිදු  රෝගයක්  වැළඳී  නැතැයි තීරණය වීම  නිසා  ටිකට් කපා  නිවසට පිටත්කර  ඇත.
මී මැස්මොර  රෝගියාට යකඩ කෑල්ලක් වෙනුවට බයිසිකලයක්  ලබාදුන් පිරිස පිළිබඳ කතාව  දැන් මේ ප්‍රදේශයේ ජනප්‍රිය කතාවක්වී  ඇතැයි පැවසේ.

පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

යකඩ කෑල්ල වෙනුවට බයිසිකලය ඇඟට පෙරළලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site