IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මී මැස්සන් ඇනලා කුකුළු හොරා ඇඳුමත් නැතුව දුවලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)

කුකුළු හොරකමේ පැමිණි කුකුළු හොරෙකුට සිය දෙනෙකුගෙන් පමණ එල්ලවූ හදිසි ප‍්‍රහාරයක් හේතුවෙන් කරතියාගෙන පැමිණි කුකුළන් පමණක් නොව තම ඇඳිවත ද දමා පළා යෑමට සිදුවීමේ පුවතක් දුම්බර වතු ආශ‍්‍රිත ගම්මානයකින් වාර්තා විය.

සිදුවී ඇති සිද්ධිය සැකෙවින් මෙසේය. එම නිවැසියන් ඇති කරන කුකුළන්ගේ කූඩුව පිහිටා ඇත්තේ නිවස ආසන්නයේ පිළිකන්නයේය. දිවා කාලයේ කෑම සොයා ඔබමොබ යන කුකුළන් සවසට කූඩුවට ඒම සාමාන්‍ය සිරිතකි. එදින රාත‍්‍රියේ එහි පැමිණි කුකුළු හොරෙකු එහි දොර කඩා ඇතුළුවී හොඳ පෙනුමැති කුකුළු නාම්බන් හත් අට දෙනෙකුම ගෝනියක දමා කිසිදු බාධාවකින් තොරව පළා යෑමට සැරසී ඇත්තේ එදින ප‍්‍රදේශය පුරා පැවති මොර සූරන වර්ෂාව නිසාය.කෙසේ නමුත් සිත් සතුටින් එසේ යන කුකුළු සොරා එක්වරම පෙට්ටියක වැනි දෙයක වැදීමක් සමඟම ක්ෂණයකින් ඔහුට දැවැන්ත මී මැසි ප‍්‍රහාරයක් එල්ලවී තිබේ.

කරකියාගත නොහැකි වූ කුකුළු හොරා තමා ගෝනියක දමා කරතියාගෙන රැුගෙන යමින් සිටි කුකුළන් පමණක් නොව ඇඳ සිටි ඇඳිවත ද දමා පළා යෑමට සිදුවූයේ එල්ලවූ මී මැසි ප‍්‍රහාරයේ දරුණුකම නිසාය.පසුදා අලූයම නිවැසියන් තම කුකුළු කූඩුව සොරකු බිඳ දමා ඇති බව දුටුවද ඔහුට ගෙවත්තේ ඇති කරන මී මැස්සන්ගෙ න් අමතක නොවන පාඩමක් ලැබී ඇති බව ද ඔවුනට වැඩිදුරටත් දැකගැනීමට හැකිවී ඇත.



අදහස් (5)

මී මැස්සන් ඇනලා කුකුළු හොරා ඇඳුමත් නැතුව දුවලා

Aluthgama A. Samathasena. Wednesday, 21 March 2018 11:12 AM

බොහොම රසවත් ප්‍රියජනක සහ සිනහ උපදවන පුවතක්. අලංකාර ලෙස ඉදිරිපත් කොට තිබෙනවා. පුවත්පත් කලාව නැමති අංශයෙන් මිනිසුන් සිනහ ගැස්සවීම බොහොමත්ම අමාරු ක්‍රියාවක්. එය අපූරුවට ඉටුකොට තිබෙනවා. කාටූන් චිත්‍රයත්, පසුබිමත් අගෙයි.

:       0       23

රවින් Wednesday, 21 March 2018 12:58 PM

සියලු කුකුලන් ඇතිකරන්නන් වෙතයි !! ඔබගේ කුකුලන් ආරක්ෂාකිරීම සඳහා මීමැස්සන් ඒ අවට ඇතිකිරීමෙන් අදායම දෙගුණ තෙගුණ කර ගත හැකිය.

:       0       46

ranjith Thursday, 22 March 2018 04:30 PM

පට්ටපල් බොරුවක්. මී මැස්සෝ රෑට ක්‍රියා ශීලි නැහැ.

:       12       3

chamil Saturday, 24 March 2018 02:09 PM

මී මැස්සෝ ක්‍රියාශීලී නැත්නම් කව්ද කළුවරට ක්‍රියාශීලි?

:       0       2

pathi Monday, 26 March 2018 04:41 PM

මී මැස්සෝ රෑට ක්‍රියාශීලි නැහැ.කියල තමයි මාත් අහලා තියෙන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site