IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මී බන්ධනය කැඩී කාඩ් අතුරුදහන් වෙලා

මොරගොල්ලාගම සිසිර කැලේගම


වෙළඳසලක අලෙවි කරන්නට තිබූ ජංගම දුරකතනවලට භාවිතයට ගන්නා ෆෝන් කාඩ් තොගයක් මීයන් රැගෙන යාමේ පුවතක් කුරුණෑගල  දඹුල්ල පාරේ නගර සීමාව අවට වෙළෙඳසලකින් අසන්නට ලැබිණි.
වෙළෙඳසලේ හිමිකරු හදිසියේ මිය ගියේය. මේ නිසා වියපත් විවාහක කාන්තාව ජීවත්වීමේ අරගලයට මුහුණදීම සඳහා එය පවත්වාගෙන යාමට කටයුතු කළාය.
නිවහන  වෙනත් තැනකය. වෙළඳසලට උදේම එන ඇය සවස් යාමයේ නිවසට යයි.
මේ තත්වය නිසා වෙළඳසලේ අලෙවි කරන්නට තිබෙන සිල්ලර වෙළඳාමට මීයන්ගෙන් සිදුවන්නේ ඉමහත් තර්ජනයකි.
අලෙවි කරන පිටි කිරි පැකට්, බිස්කට්, තුන පහ ආදී සියල්ල මීයන්ගේ හානිය නිසා දවසින් දවසට සිදුවන්නේ පාඩුවකි.
මේ තත්වය හමුවේ ඇය දැඩි කලකිරීමකින් යුතුව පසු වූවාය.


ඇය හානියට පත් දේ ඉවත් කරමින් සිටියාය. ඒ අතරේ එතැනට බඩු ගන්නට අයෙක් පැමිණියේය.
සිදුවෙන හානිය ඇය ඔහුට පෙන්වා සිටියේය.
“මුදලාලි හාමිනේ ඔය හානිය මම නවත්වලා දෙන්නම්. මට අවැසි දේවල් ටිකක් සිංහල බෙහෙත් බඩු කඩේකින් ගෙනැත් දෙන්න. ඒක මී බන්ධනයක්. ඒක කළාම මීයෝ පැත්ත පළාතකට එන්නේ නෑ’’ ඔහු කීවේය.
එය පිළිගත් ඇය අවැසි දේවල් කඩිනමින් ගෙන ආවාය. ඒ බව ඔහුට දැනුම් දුන්නේය. එතැනින් නික්ම ගිය ඔහු පසු දිනක එහි ආවේ මී බන්ධනය සිදු කිරීමටය.
ඔහු කළ යුතු ශාන්තිකර්මය කළේය. එදින රාත්‍රියේ සිට මාස අටක පමණ කාලයක් මීයකු ආශාවට දකින්නට එහි නැත. ඇය උජාරුවට මෙන් පැමිණි සැමට මී බන්ධනයේ හාස්කම කීවාය.
ඒ අනුව කරවල, සීනි, පිටිකිරි, බිස්කට්, තුනපහ ආදියට සිදුවෙන හානිය වැළකී තිබුණි.
පසුගිය සතියේ ඇය ත්‍රිරෝද රථයකින් පැමිණ වසා තිබුණු කඩේ විවෘත කළාය.
ලී සහිත මේසයේ ලාච්චුව මීයන් කාලා ඇති බව දුටුවා ය.
තවදුරටත් පරීක්ෂා කිරීමේදී මිලදී ගත් පෝන් කාඩ් තොගයම නැත. ඒවා මීයන් රැගෙන ගොස්ය. සිවිලිමට තවත් පිරිසක් නග්ගා පරීක්ෂා කෙරුවේය.
පෝන් කාඩ් කඩේ ඇතුළත හෝ හතර සීමාවක දක්නට නැත. කඩේ ඇතුළත තිබූ කිසිවකුටත් හානි නොකළ මීයන් මී බන්ධනය නිසා කලකිරීමෙන් බන්ධනයේ බලපෑමක් නොවන පෝන් කාඩ් තොගයම රැගෙන ගොස් ඇති බවට රැස්ව සිටි උදවිය පැවසුවාලු‍.



අදහස් (1)

මී බන්ධනය කැඩී කාඩ් අතුරුදහන් වෙලා

ගුණරත්න Tuesday, 10 December 2024 06:26 PM

ලෝකයාට අතපාන්නේ නැතිව ඉන්න අහිංසක මනුස්සයෙක්, ඒ මනුස්සයාට හිනාවෙනවා... වෙනුවට ගම්මුන්ට බැරිද සුළු උපකාරයක් හෝ කරන්න.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site