IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මළ සිරුරට පළඳවා තිබූ රන් බඩු ගන්න මිනී වළ හෑරුවාම තරු පෙනිලා

(මාරවිල ටි්‍රක්සි කොන්ස්ටන්)

අත හා ගෙල පැළඳි රන් මාල බ්‍රේස්ලට් මුදු සමඟ මළ සිරුරක් වළ දමා ඇතැයි පැතිර ගිය ආරංචියක් හේතුවෙන් කිසියම් පිරිසක් සිමෙන්තියෙන් බැඳි සොහොන් වල කඩා මිනීපෙට්ටිය විවෘත කර බැලූ සිද්ධියක් මාරවිල තල්විල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සිද්ධිය සැකෙවින් මෙසේය. මාරවිල, මහවැව, තල්විල ප්‍රදේශයේ ඉඩම්, වාහන, නිවාස විකුණන තැරැව්කරුවෙකු (බ්‍රෝකර්වරයකු) ඉකුත් 03දා මියගොස් තිබිණි. ශරීරයෙන්ද උස මහත පුද්ගලයකු වූ ඔහු ජීවත්ව සිටියදී නිතර පළඳින අත් පළඳනාවක්, මුදු කීපයක්, පවුම් 78ක පමණ කර මාලයක් ඇතුළු ස්වර්ණාභරණද පැළඳීමට පුරුදුව සිටියේය. ඔහු අසනීප තත්ත්වයෙන් මියගිය පසු පවුලේ පිරිස් උත්සවාකාරයෙන් අවමංගල්‍ය කටයුතු සිදුකළ අතර සිරුර නිවසේ තබා තිබියදී පෙර කී ස්වර්ණාභරණද දේහයට පළඳවා තිබිණි. අවසන් කටයුතු සිදු කෙරුණේ පසුගිය 05 වනිදා පස්වරුවේ මාරවිල තල්විල කතෝලික සුසාන භූමියේදීය. ඒ සඳහා සියලු ගෞරව කටයුතු සිදු කෙරනු අතර අලුතින් සාදන ලද කොන්ක්‍රීට් වලක මිනී පෙට්ටිය බහාලීය. කිසියම් පිරිසක් 06 වන දා රාත්‍රී කොන්ක්‍රීට් තට්ටුව කඩා බිඳ දමා මළ සිරුර බහා තිබූ පෙට්ටිය විවෘත කොට පරීක්‍ෂාකර බලා තිබිණි. සිද්ධිය පිළිබඳව පසුව (07 සෙනසුරාදා) ජනතාවට ආරංචිවූ අතර දේවස්ථානයේ පියතුමා හා ප්‍රදේශවාසීන් පැමිණ මිනී පෙට්ටිය යළි වසා කොන්ක්‍රීට් ලෑල්ලද වසා දැමීමට කටයුතු කළේය. මළ සිරුරට පළඳා තිබූ ස්වර්ණාභරණ සමඟ සිරුර භූමදානය සිදු කළ බවට ආරංචියක් පැතිර ගොස් තිබුණද. ඒවා ඉවත්කර සිරුර මිහිදන් කිරීමට පවුලේ ඥාතිහූ කටයුතු කර තිබිණි.



අදහස් (2)

මළ සිරුරට පළඳවා තිබූ රන් බඩු ගන්න මිනී වළ හෑරුවාම තරු පෙනිලා

Pradeep Friday, 13 September 2019 07:39 AM

පවුම් 78ක පමණ කර මාලයක්.. ආසන්න වශයෙන් ග්‍රෑම් 624ක්... කොහොම මේක බෙල්ලේ දාගෙන හිටියද දන්නේ නෑ.

:       2       59

Kumar Saturday, 14 September 2019 02:58 PM

ඇත්තටම වෙන්න ඇත්තේ ඒ ගෙදර කෙනෙක් අන්තිම මොහොතේ ඒ මාලයේ වටිනාකමට චෙක්පතක් ලියා පෙට්ටිය දමා මාලය අරගන්න ඇති...

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1753 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site