ඉංගිරිය නගරාසන්නයේ විසූ විශ්‍රාමික ගුරුතුමියක් හදිසියේම මියගියාය. දූ දරුවන් රැසකගේම ආදර සැලකිල්ලට පාත්‍ර වෙමින් බොහෝ දෙනකුට උදව් උපකාර කරමින් දිවි ගෙවූ මෙ කාරුණික ගුරුතුමියගේ වියෝවීම අවට ගම්වල දිවි ගෙවුවන්ගේ පවා බලවත් කනගාටුවට හේතු වී තිබුණි.
මියගිය කාන්තාවගේ දූ දරුවනුත් නෑදෑ හිතවතුනුත් දේහය ළඟ කඳුළු සලමින් ශෝක වූ අතර සෑහෙන වේලාවක සිටම මළසිරුර අසලටම වී විලාප තබමින් මෘත දේහය බදාගෙන වැළපෙන තවත් කාන්තාවක් ද වූවාය. “ඉස්කෝලෙ හාමිනේගෙන් හොඳට උදව් උපකාර ගත්තු කෙනෙක් වෙන්න ඇති ඔය දරාගන්න බැරුව අඬන්නේ” විලාපය දුටු කවුරුත් එසේ සිතන්නට වූ අතර දූ දරුවන් ද සිතා සිටියේ ‘අපේ අම්මගෙන් ලොකු උදව්වක්. ගත්තු කෙනෙක් වෙන්න ඇති” කියාය.
මෘත දේහය ආදාහනාගාරය වෙත ගෙන යාමට නියමිත වේලාව ද මදක් පසුවී තිබුණි. මෙතෙක් වේලා මළසිරුර බදාගෙන හැඬූ අයගේ අතින් ඒ මේ අතට හැරී තිබුණ මළ සිරුරේ මුහුණ මියගිය කාන්තාවගේ දියණියක විසින් නිසියාකාරව සකස් කළේ ඒ අවස්ථාවේය.
මිනීපෙට්ටියේ අවසන් නින්ද නිදන තම මවගේ දෙකනෙහි ඊට මොහොතකට පෙර තිබූ කරාබු කුට්ටම ඒ වන විට නොතිබුණ බව ඇය දුටුවේ එවිටය.
මළ සිරුරේ කරාබු දෙක නැතිවී ඇති ආරංචියත් සමගම එතනින් පිටවීමට තැත් කරද්දී මෙතෙක් වේලා විලාප තබා මළ සිරුර බඳාගෙන හඬමින් සිටි කාන්තාවගේ ඉනේ ඔතාගෙන තිබූ කුඩා පොදියක් බිමට වැටුණි. මළ සිරුරේ දෙකනෙහි පළඳවා තිබුණ කරාබු කුට්ටම හමුවූයේ කාන්තාවන් තුන් හතර දෙනෙකු එක්වී ඒ වැටුණු පොදිය අහුලා එය ලෙහා බැලීමෙන් පසුවය.
දේහය රැගත් පිරිසක් ආදාහනාගාරය වෙතට ද “කරාබු විලාපය” තැබූ කාන්තාව රැගත් තවත් පිරිසක් පොලිසිය වෙත ද ගියේ අවමංගල පෙරහර දිගේය.
(වසර කීපයකට පෙර සිදු වූ සත්‍ය සිදුවීමකි)
ස්ටීවන් කරුණාරත්න, ඉංගිරිය.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මළ ගෙදර කරාබු විලාපයෙන් පළාතම දෙවනත්