(මනෝජ් හර්ෂික)
ධාවනය නොවන අබලන් බස් රථයකට බීමතින් නැග එය ධාවනය වනතුරු පැය ගණනක් බලා සිටි සිවු දෙනකු පිළිබඳ පුවතක් අනුරාධපුරය නගරයට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තාවේ.
සිද්ධිය සැකවින් මෙසේය.
එකම ගමක හොඳම යහළුවන් සිවු දෙනෙකි. දිනක් මොවුන්හට දුරබැහැර ප‍්‍රදේශයක වෙනත් මිතුරකුගේ මළ ගෙදරක යාමට සිදුවිය.
දුර යාමට ඇති නිසා රාත‍්‍රී කාලයේ ගමන් ආරම්භ කිරීම සුදුසු යැයි මොවුහු කතිකාකර ගත්හ. ඒ අනුව සවස් කාලයේ මළ ගෙදරට සහභාගීවීම සඳහා මිතුරෝ සිවු දෙනා නගරයට පැමිණියහ.
බස් රථය පැමිණීම සඳහා ද පැයක පමණ කාල වෙලාවක් තිබූ හෙයින් මිතුරෝ පිරිස එතෙක් මධුවිතින් සප්පායම්වීම සඳහා අසල තිබූ තැබෑරුමකට ගොඩවූහ.
තැබෑරුම වසා දැමීමට ආසන්න වනතුරුම මධුවිතින් සප්පායම් වූ මිතුරන් ආපසු බස් නැවතුම වෙත යන්නේ ඉක්මනින්ම මළ ගෙදරට සහභාගීවීමේ අරමුණෙනි.
ඔවුන් බස් නැවතුම්පොළ වෙත පැමිණෙන විටත් අදාළ ප‍්‍රදේශයේ බස් රථයක් බස් නැවතුම්පොළෙහි පසෙකට වන්නට නවතා තිබූ අතර සියලූ දෙනාම ඉක්මනින්ම ඒ වෙත යන්නේ අසුනක මුල්ලක් අල්ලාගෙන සුව පහසුවට නිදාගෙන යෑමේ අරමුණෙනි.
ඔවුන් බස් රථය තුළට පැමිණෙන විටත් මගීන් කිසිවෙකුත් එහි නොසිටි අතර නොබෝ වේලාවකින් ඔවුන්ට හොඳ හැටි නින්ද ගොස් තිබියදී හදිසියේම බසයේ කොන්දොස්තරවරයා පැමිණ මිතුරන් පිරිස අවදි කරවා මෙසේ කියන්නට විය. ‘මහත්තයෝ මේ බස් එක කැඩිලා රෝදවලට අඩ තියලා තියෙන්නේ. කරුණාකරලා බහින්න. බස් එක අද යන්නේ නැහැ.’
ඒ වනවිටත් අලූයමට ආසන්නව තිබූ බැවින් ලජ්ජාවෙන් කොන්දොස්තරගේ මුහුණ දෙස බලමින් බසයෙන් බහිනවා හැරෙන්නට මිතුරන් පිරිසට කිරීමට වෙනත් දෙයක් නොවීය.
2025 ඔක්තෝබර් මස 08
1526
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මළ ගේක යන්න ගිහින් රැුයක් තිස්සේ අබලන් බසයක නිදාගෙන