වාහනයේ ගසා තිබූ සුදු කොඩිය ගලවා දමා ගී ගයමින් මළ ගෙදරක ගිය පිරිසක් පිළිබඳව පුවතක් පසුගියදා අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
තම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ඥාතියකුගේ අවමංගල්‍යයක් දකුණේ ඈත ප්‍රදේශයක පැවැත්විණි. ඒ සඳහා සහභාගීවීමට යාම සඳහා නාගරික ප්‍රදේශයේ හිතවතුන් පිරිසක් සංවිධාන වූහ.

විසිපස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිස එදින උදෑසනම කුලියට ගත් බස් රථයකින් ගමන පිටත් විය.
ගමන තරමක් දුර වූ බැවින් ගමන් වෙහෙස නිවා ගැනීමට
අවශ්‍ය මත් වතුර බෝතලයක් දෙකක් ද වැඩිහිටියන්ට හොරෙන් බස් රියට දමා ගැනීමට තරුණ පිරිස කටයුතු කර තිබිණි.
මඳ දුරක් යද්දී බස් රියේ පසුපස දෙසින් ගී ගයන හඬක් මතුවන්නට විය. ක්‍රම ක්‍රමයෙන් ගී සිංදු රාවය වැඩිවන්නට වූ නිසා බසයේ ඉදිරි පස කොටසේ වාඩිවී සිටි වැඩිහිටි අයගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. සුදු කොඩියකුත් ගසාගෙන යන ගමන් සිංදු කීම සුදුසු නැති බව ඔවුන්ගෙන් කියවිණ.
ඒ සමඟම තරුණ පිරිසෙන් කෙනෙක් ගොස් බසයේ සවිකර තිබූ කොඩිය ගලවා දැමුවේය ඉන්පසු දිගටම සිංදු කියමින් ගිය පිරිස මළගෙදර ආසන්නයේදී නැවත කොඩිය සවිකර ගෙන නිහඬව ගමන් කර දුක්මුසු මුහුණින් නිවෙසට ගොඩවුනාලු
(පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි)
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මළගමේ සාජ්ජෙට සුදු කොඩිය හරස්වෙලා