පානම-ප්‍රියනාත් චන්ද්‍රපාල
විවාහකයකු තම පරණ පෙම්වතිය ඉල්ලා පොලිසියේ හඬා වැටුණු පුවතක් නැගෙනහිර පළාතේ සංචාරක පුරවරයකට යාබද පිහිටි ගම්මානයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
තරුණයකු එක්තරා ප්‍රදේශයක තරුණියක සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. ඒත් ටික කාලයක් යන විට තරුණියගේ මවුපියන්ට මෙය සැලවීමත් සමග වැඩිහිටියන් මෙම පෙම් සබඳතාවට විරුද්ධ වී ඇත. එම නිසා තරුණිය ද වැඩිහිටියන්ගේ කීමට එම පෙම් සබඳතාව නවතා දමා තරුණයාට ඒ බව දන්වා ‘මට තව ඉගෙන ගන්න ඕනෑ ඒ නිසා අපි මෙය නවතා දමමු’ යැයි පවසා ඇත. තරුණයා ද එය පිළිගෙන එම පෙම් සබඳතාව නවතා දමා ඇත. ඉන්පසු එම තරුණයා ටික දිනකින් වෙනත් තරුණියක සමග විවාහ වී ඇත.
එසේ විවාහ වී දිගු කාලයකින් එම තරුණයා තම බිරිය ප්‍රතික්ෂේප කරමින් පරණ පෙම්වතිය නැවත අවශ්‍ය බව පවසමින් එම තරුණියට ඇවිටිලි කිරීමට පටන්ගෙන ඇත.
ඔහුගෙන් බේරීමට නොහැකි තැන තරුණියගේ මවුපියන් පොලීසියට පැමිණ ඇති අතර පොලීසියේ දී ස්ථානාධිපතිවරයා ඉදිරියේ හඬා වැටෙමින් එම තරුණයා තම පරණ පෙම්වතිය ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇත. ස්ථානාධිපතිවරයා මැදිහත්වී තරුණයාට කරුණු පැහැදිලි කර දී එම ආරවුල සමථයකට පත් කළ ද ඔහු පොලීසියෙන් පිටව ගියේ මුහුණ ඇඹුල් කරගෙන බව වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1831
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මිහිරාවිය මතක් වී කසාදෙත් අමතක වෙලා