(තිහගොඩ උපසේන ලියනගම)
බස්නාහිර පළාතේ උපනගරයක් ආසන්නයේ පිහිටි මේ ක්‍රීඩාපිටිය පසුගිය කොරෝනා වසංගත සමයේ ක්‍රීඩකයන් නොපැමිණීම නිසා ජරාවාසව පැවැති එකකි. මේ නිසාම එහි ගේට්ටුව අසල විශාල කුණු ගොඩක්ද එකතු වී තිබුණි.
පසුගියදා ප්‍රදේශයේ තරුණ පිරිසක් මේ කුණු ගොඩ ඉවත්කර ක්‍රීඩා පිටියද පිළිසකර කොට එහි ක්‍රීඩා කිරීමට පටන් ගත්හ. එහෙත් මෙහි කුණු දැමූ සමහරුන් යළිත් එහි කුණු දැමීමට පටන්ගත් අතර ඒවාද ඉවත්කළ තරුණයෝ එහි කුණු නොදමන ලෙස දැන්වීමක්ද සවි කළහ.
එහෙත් යළිත් කීපදෙනකු කුණු පාර්සල් එහි දැමූවෙන් තරුණයෝ සැලකිල්ලෙන් ඒ ගැන සොයමින් සිටියහ.
පසුගිය දිනෙක වාහනයෙන් ආ පුද්ගලයකු තම කුණු පාර්සලය එතැනට දමන ආකාරය දුටු තරුණයකු වහා දිව විත් වාහනය ඉදිරිපිට නැවතී කීවේ ඒම පාර්සලය ආපසු රැගෙන යන ලෙසටය.
වාහනයේ සිටියේ ටයිකෝට් ඇඳි විද්වත් පෙනුමැති අයෙකි.. ඔහු වාහනය නොනවත්වා යාමට තැත් කරනු දුටු තරුණයාගේ හඬට වට පිටාවේ තරුණයෝද එකව ඔහුට වාහනයෙන් බැස ඩිකිය අරින ලෙස කීවේ තර්ජනාත්මකවය. බලෙන්ම වට පිටාවේ වූ කුණු සියල්ල එහි පටවා පසුව යන ලෙස දැන්වූයෙන් බියට හා විමතියටත්, ලජ්ජාවටත් පත් ඔහු වාහනය සෙමින් පදවාගෙන ඉවත්ව ගියේ තරුණ පිරිසගේ හූ හඬ මැදලු.
2025 ඔක්තෝබර් මස 08
1429
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහත්තයාගේ වාහනයේ කුණු පැටවු ගහලා