IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මුහුණු පොතේ මිතුරාට තට්ටු කරන්න ගිය මිතුරිය උගුලක හිරවෙලා

තමන් ගොනාට අන්දවා කා බී ගානකුත් කඩා  ගෙන මාරුවීමට පැමිණි මුහුණු පොතේ සුන්දරියකට අසුන්දර පාඩමක් ඉගැන්වූ අපූරු පුද්ගලයකු පිළිබඳ පුවතක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.

ඔහු මුහුණු පොතේ සුන්දරියක යාළු කරගත්තේ ඇප් එකක් මාර්ගයෙනි. දෙදෙනා සම්බන්ධකම් පැවැත්වූයේ මුහුණු පොත හරහාය. ඇය සමග කිට්ටු ඇසුරක් පැවැත්වීමට ඔහු  දැක්වූයේ නොතිත් ආශාවකි.

මේ නිසාම ඔහු ඇයට ඒ සඳහා ආරාධනා කළේය. මායම් හැටහතරම නොවුණත් එයින් කිහිපයක් දමා බොරු ආඩම්බරකමක් පෙන්වා ඇය ඔහුගේ ආරාධනාව පිළිගත්තේ දිනයක්ද නියම කරමිනි. ඒ අනුව ඇය ඔහු හමුවන්නට ඔහුගේ නගරයට ආවාය.

ඔහු ඇය සමග සිත්සේ සතුටුවීමට නගරයේ හෝටලයක සුවපහසු කාමරයක්ද බලා තිබුණි. බසයෙන් බැස්ස ඇය සමග පාසල් යන වයසේ කොලු‍ ගැටයකුද සිටීම ඔහුගේ ඉහමොළ රත්කරවීමට තරම් වූ කාරණාවක් විය.

මේ මගේ පුතා අද අපේ ඉස්සෙල්ලාම දවසනේ පස්සේ දවසක අපි තනි පංගලමේ හමුවෙමු’’ යයි ඇය කීවේ තමාට අධික බඩගින්නක් පවතින බවද කියමිනි .

‘‘හා එහෙනම් කෑම ටිකක් කමු’’ යයි ඔහු ආරාධනා කළේ නගරයේ හොඳම ආපනශාලාව වෙතට ඇය  සහ කොලු‍ ගැටයාද එක්කරගෙන යමිනි. එහිදී තිදෙනාට ඉස්තරම් වර්ගයේ කෑම බීම ජාති ඇනවුම් කිරීමටද ඔහු අමතක නොකළේය. කනබොන අතරේ ඇය ඔහුගෙන් වියදමට රුපියල් තුන්හාරදහසක් ඉල්ලු‍වාය. හා හා ඕක සුලු‍ දෙයක්නේ කී ඔහු කෑම ගත්තට පස්සේ දෙන්නම් යයි ඇයට කීවේ ඇසක් ද ගසමිනි.

ඉක්මණින්ම කෑම කා අවසන් වූ ඔහු අවශ්‍යතාවකට වැසිකිළියට යන බව කියමින් එතැනින් නැගිට ආවේය. හොර පාරෙන්ම පාරට පැන්න ඔහු එතනින් මාරුවී ගියේ මුහුණු පොතේ ඇය සමග පැවැත්වූ සබඳතාවටද ඒ අවස්ථාවේදීම තිත තබමිනි.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

මුහුණු පොතේ මිතුරාට තට්ටු කරන්න ගිය මිතුරිය උගුලක හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 330 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 756 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 845 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 677 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1255 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 727 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 706 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 183 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site