IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුහුණුපොතේ පෙම අසුවී සැමියා බිරියගේ කන කාලා

(කුරුණෑගල විශේෂ අතුල පී. බණ්ඩාරනායක සහ වැල්ලව ශිවා බණ්ඩාර)
මුහුණු පොතින් හඳුනාගත් තරුණයකු සමග බිරිඳ පැවැත්වූ අනියම් ප්‍රේම සම්බන්ධය හසුවී ඇතිකරගත් ආරවුලකදී පුරුෂයා බිරිඳගේ කන හපා කෑල්ලක් කඩාගත්තේ යැයි කියන සිද්ධියක් වැල්ලව පොලිසියෙන් වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ පරීක්ෂණ අනුව මුහුණ පොතින් හඳුනාගත් මීගමුව ප්‍රදේශයේ තරුණයකු සමග බිරිඳ අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව පුරුෂයාට අසුවී ඇති බවත්, දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී පුරුෂයා බිරිඳගේ වම් කන හපා කෑල්ලක් කඩාගෙන ඇති බවත් හෙළිවී ඇතැයි පොලිසිය කියයි.


කඩාගත් කනේ කෑල්ල ද රැගෙන බිරිඳ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් සිදුකළ සැත්කමකින් කනේ කෑල්ල බද්ධ කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


හිරිපිටිය, කළුගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි බිරිඳත්, 35 හැවිරිදි පුරුෂයාත් දරුවන් තිදෙනෙකුගේ මව්පියන් බවත්, දැනට මාසයක පමණ කාලයක සිට දෙදෙනා අතර මෙම ආරවුල ඇතිවී තිබෙන බවත්, බිරිඳ දරුවන් තිදෙනා පුරුෂයා ළඟදමා ඇගේ මවගේ නිවසට ගොස් මාසයක් පමණ වන බවත් පුරුෂයා එහි ගිය අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී කන හපාකෑම සිදුවී ඇති බව හෙළිවී ඇතැයි පොලිසිය කියයි.


සිද්ධියට සම්බන්ධ යැයි කියන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලිසිය පවසයි.


කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරි (ෂෂෂ) පාලිත අමරතුංග මහත්වරුන්ගේ උපදෙස් පිට වැල්ලව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක රූපසේන, පොලිස් සැරයන් බන්දුල (12515) හා පොලිස් කොස්තාපල් සිසිර (35695) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

 



අදහස් (2)

මුහුණුපොතේ පෙම අසුවී සැමියා බිරියගේ කන කාලා

sam Monday, 08 July 2019 09:10 AM

මොකද අපි මේවගේ දේවල් වාර්තා කරනකොට මුළු පොලිසියේම ඉන්න අයගේ නම් ලියන්නේ...? පොලිසියේ අය එයාලගේ ඩියුටි එක කලා ඉවරයි.

:       0       404

de silva berlin Tuesday, 09 July 2019 02:53 PM

සෑම් මහත්මයා, ඔබතුමාගේ අදහසේ ගැඹුරු අර්ථයක් තිබෙනවා. ලංකාවේ පොලිසිය සමහර සැකකරුවන් අත්අඩංගුවට ගන්න එන්න කලින් එම ප්‍රවෘත්තිය පත්තරේ දමනවා. කුමක් හෝ රහසිගත මෙහෙයුමක් කරලා මොනවා හරි නීතිවිරෝධී දෙයක් අල්ලා ගත්තොත් ඒවා සියල්ල නිලධාරියාගේ ඡායාරූපය සහ සියලු විස්තර සමග පත්තරේ දමනවා. ඊට පස්සේ මෙම නිලධාරීන් යොදාගෙන රහස් මෙහෙයුම් කිරීම බොරු. දියුණු රටවල මාධ්‍ය සමග ගනුදෙනු කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site