කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
කුකුළු මස් වෑංජනයක හොදි කන කෑලි නොකන උපාසක අම්මා කෙනෙකු පිළිබඳ පුවතක් ඉකුත් දා සබරගමුව පළාතේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
සබරගමුව පළාතේ ග්‍රාමයක 67 හැවිරිදි සිවු දරු මවක් සිය සැමියා හා බාල පිරිමි දරුවා ලේලිය සමග මහ ගෙදර නිවසේ පදිංචිව සිටින්නීය. දරුවන් තිදෙනෙකු විවාහ වී වෙන වෙනම පදිංචිව සිටින අතර බාල පිරිමි දරුවා විවාහ වූයේ පසු ගිය ජනවාරි මාසයේ දිනකදීය.
මෙම සිවු දරු මව වසර ගණනාවක සිට නොකඩවා අසනීප තත්ත්වයක් නොතිබුණොත් සෑම පුරපසළොස්වක පෝය දිනකම සිය ගමේ විහාරස්ථානයට ගොස් අෂ්ඨාංගික උපෝසතශීලය සමාදන් වෙයි.
මෙම සිවු දරු මවගේ සැමියා බේබද්දෙකි. ඔහු නිතර නිතර කැලෑ සතුන් වන ඉත්තෑවන් හාවන් ඌරන් යන එන හා ගැවසෙන තැන් සොයා මදු ගැසීම පුරුද්දක් කරගෙන තිබුණි. කැලෑ සතෙකු මද්දකට හසු වුණු දවසක නිවසට ගෙනත් සුද්ධ පවිත්‍ර කර ලුණු ඇඹුල් දමා පදමට තබ්බා ගන්නේය.
වන සතුන් දඩයම් කර මස් කෑම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ධර්ම කරුණු සාරයෙන් ගෙනහැර දක්වා සතුන් දඩයම් කිරීම නතර කරන ලෙස අවස්ථා කිහිපයක දීම උපාසක බිරිය සැමියාට කියා ඇතත් ඔහු තුට්ටුවකට ගණන් නොගෙන වන සතුන් දඩයම් කර භුක්ති විදියි.
සිල් සමාදන් මව කිසිම මස් මාංශයක් වගේම මාළු කිරි බිත්තර ද කන්නේ නැත. ශරිරයට මස් කෑල්ලක් කෑමෙන් ඇති ශක්තිය සම්බන්ධයෙන් බිරිඳට කරුණු කාරණා පැහැදිලි කර දුන්න ද මස් තියා මස් හොදිවත් තමන්ට එපා බව කීවාය.
ඉකුත් දිනක උපාසක අම්මාගේ සැමියා ගම් කුකුළු මස් කිලෝ එකක් ගෙන තැම්බීය. කුකුළු මස් උයා නා ගැනීමට ගිය පුද්ගලයා ආපසු එන අවස්ථාවේ දී උපාසක බිරිය කුකුළු මස් හැලියෙන් හොදි ටිකක් ගෙන බත් කන අයුරු වයෝවෘද්ධ සැමියා දුටුවේය.” ඈ හොදි තියා කෑලිවත් කන්නේ නෑ කියපු ගෑනි අද අපූරුවට මස් කනවා කීවේය. නෑ නෑ මස් කෑලී ගත්තේ නෑ උයලා තියෙන සුවඳ දැනිලා මට හොදි ටිකක් අරගෙන කන්න ආසාවක් ආවා යනුවෙන් ඇය පැවසුවාය. ඒක තමා අවුරුදු ගාණක් සිල් ගත්තත් තාම ආසාවල් අතහැර ගන්න බැරි වුණා නේද යනුවෙන් සැමියා විමසීය. උපාසක අම්මාට දෙන්නට උත්තරයක් නොමැති වී ඇති බව ආරංචිය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස් හොද්දෙන් උපාසිකාවගේ රෙදි ගැලවිලා