IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘මිස්’’ කෝල් එකකින් ‘‘මිසිස්’’ වෙන්න ගිහින් අනූනවයෙන් බේරිලා

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
‘‘මිස්’’ කෝල් එකකින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණියක, එම ප්‍රේම සම්බන්ධය නිසා, ‘‘මිසිස්’’ වීමට තිබූ ඉඩකඩ, පූරුවේ පිනකට ‘‘මිස්’’ වූ පුවතක් රජරට පළාතේ නැගෙනහිර පළාතට මායිම් වූ ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
තරුණයා දකුණු පළාතේය. තරුණිය උතුරු මැද පළාතේය. මගහැරුණු දුරකතන ඇමතුමක් නිසා මේ දෙදෙනා ප්‍රේමවන්තයින් බවට පත්වූහ.
වැඩ බැරි උනත් ගමේ නම මුලට කියවෙන ‘‘කොල්ලා’, මෙම ගැමි ‘‘කෙල්ල’’ එම ප්‍රදේශයේදී වතාවක් දෙකක් හමුවී ඇති අතර, එම හමුවේදී ‘‘තුන් වන සිල්පදය’’ සමඟ ද ඔවුන් දෙදෙනා ‘‘සෙල්ලම්’’ කිරීමට අමතක නොකළහ.
මේ පෙම්වතා විවාහකයකු වූ අතර, එම නිසා ඔහු පෙම්වතිය අතහැර දැමීමට මාන බැලීය. පසුව, ඔහුගේ මිතුරෙකු හමුවී ඇය පිළිබඳ සියලු‍ විස්තර කියා, ‘‘උඹට ඕන දෙයක් කර ගනින්’’ යැයි පවසා, ඔහුගේ ‘‘නමින්’’ ප්‍රේම ව්‍යාපාරය තරුණියට නොදැනෙන ලෙසට පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබා දී, ඇයගේ නම, ගම, දුරකතන අංකය ඇතුළු සියලු‍ තොරතුරු සමඟින් ප්‍රේම ව්‍යාපාරය ඔහුගේ මිතුරා වෙත භාර දීම්. භාරගැනීම් නිවැරදිව සිදු කළේය.


ප්‍රේම ව්‍යාපාරය භාරගත් මිතුරා, තරුණිය පැහැර ගෙන යෑමට සැලසුමක් සකස් කළේය. ඒ අනුව ඇයට දිනයක් සහ රාත්‍රී වෙලාවක් ලබාදී යතුරුපැදියකින් ඇයගේ නිවස ආසන්නයට ගියේය. මේ කිසිවක් නොදත් තරුයෙගේ මවුපියන් නිදා ගත් පසු රහසිගතව කලු‍වරේම අදාළ තැනට ගොස් තම පෙම්වතා නවතාගෙන සිටි යතුරුපැදියේ ඉඳ ගත්තාය. ඔහු ‘කටට අගුලු‍ දමාගෙන’ යතුරුපැදිය පාරට හරවා, විදුලි වේගයෙන් එය ධාවනය කළ අතර, පිටුපස සිටි තරුණියට, අද තම පෙම්වතාගේ නුහුරු බවක් දැනී, හොඳටම බියට පත්වී, හැකි තරම් හයියෙන් තමා බේරාගන්නා ලෙසට කෑගැසුවාය. කෙසේ හෝ මෙම කෑගැසීම ඇසුණු කීප දෙනෙක් මහා රෑ පොලිසියට දුරකතන ඇමතුමක් දී, මෙම යතුරුපැදිය පසුපස හඹා ගියෝය. විනාඩි කීපයක් ඇතුළත ‘‘හොර ප්‍රේම කුරුල්ලා’’ ප්‍රදේශවාසීන්ගේ දැලට හසු විය. මහා රාත්‍රියේම ඔවුහු එම ප්‍රදේශයේ අදාළ පොලිසියට ඔවුන් දෙදෙනා රැගෙන ගොස් භාර දුන්හ. පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ වගතුග විමසා, මුල් පෙම්වතා ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව දැන ගැනීමට ලැබුණි.

 



අදහස් (0)

‘‘මිස්’’ කෝල් එකකින් ‘‘මිසිස්’’ වෙන්න ගිහින් අනූනවයෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site