IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මසුරුකමට ගිහින් අතට තට්ටු වෙලා

කඹුරුපිටිය විශේෂ - කේ. අජිත්


නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි.
තමා සතුව යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් තිබුණ ද ඔහු තම ගමන් පහසුව සලසාගනු ලැබුවේ වෙනත් පුද්ගලයන් මාර්ගයෙනි. ඔහුගේ මසුරුකම කොතෙක් දැයි කිවහොත්, බස් රථයකවත් ගමන් නොකර පයින් ගමන් කරන වාර ගණන ද අනන්තය. අතරමගදී හමුවන කාගේ හෝ යතුරුපැදියක යාමට ඔහු භාවිත කළ උපක්‍රමය වූයේ, ගමනක් යාමේදී තම හෙල්මටය රැගෙන යාමය.


තනි පුද්ගලයකු ගමන් ගන්නා යතුරුපැදියක් පැමිණෙන විටම ඔහු සිනාසී අතින් සංඥා කරයි. කිසියම් අකරතැබ්බයක් වී ඇතැයි සිතා නතර කරන යතුරුපැදිකරු සමග සුහද වන ඔහු යතුරුපැදියට නැගී තමාගේ උගත්කම, වත්පොහොසත්කම් ගැන පුරසාරම් දොඩමින් ගමනාන්තයට යාම ඔහුගේ සිරිතයි. දිගු කලෙක සිට මෙලෙසින් මෙම ක්‍රියාව කරගෙන යද්දී බොහෝ අය මේ පුද්ගලයා කවුරුන්දැයි හඳුනාගෙන, මොහුගේ මසුරුකමට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි කතිකාවක යෙදිණි.
දිනක් ඔහු තම කාර්යාලයේ වැඩ නිම වී හෙල්මටය ද රැගෙන මග බලමින් සිටියේ කාගේ හෝ යතුරුපැදියක් එනතුරුය. පෙර දී ගමන් වාර කිහිපයක් ගොස් හඳුනාගත් පුද්ගලයකු දුටු ඔහු සිනාසී ඔහු නවතා ගත්තේ ගමනාන්තයට යාමේ අරමුණිනි. ටයරයේ හුළං බැසීම හේතුවෙන් ඔවුන්ට යාමට හැකි වූයේ කෙටි දුරකි.
“හරි මල්ලි‌, ඉස්සරහා මම හොඳට අඳුනන ටයර් කඩයක් තියෙනවා. එතැනට යමු.” 
දෙදෙනා එක්ව යතුරුපැදිය තල්ලු‍ කරමින් ටයර් කඩයට ගිය ද, එහි හිමිකරු පැවැසුවේ, අලු‍තෙන් ටයරයක් දැමිය යුතු බවයි. මොහුට හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය අවස්ථාවක් වූ බැවින් යතුරුපැදිකරු පවසා සිටියේ, තමා ළඟ මුදල් නොමැති බවයි. තමා සමග පැමිණි පුද්ගලයා ටයර් කඩයේ හිමිකරු හඳුනන බැවින් ඔහු ඇපයට තබා ඉස්තරම් වර්ගයේ ටයරයක් සවි කරවාගත් ඔහු පසු දින සිට දක්නට නොලැබිණි. 
දින කිහිපයක් ගත වුව ද තම මුදල නොලැබුණු හෙයින් කඩයේ හිමිකරු ඇප වූ පුද්ගලයාගේ කාර්යාලයටත්, පසු දින නිවෙසටත් ගොස් පෙරැත්ත කොට රුපියල් පහළොස් දහසක මුදලක් ලබාගත් අතර, ඔහුගේ බිරිය ද ඔහුට දොස් නැගුවේ “මෙයාගෙ මසුරුකමට හොඳ පාඩමක් ඉගෙනගත්තා” යැයි කියමිනි.

 



අදහස් (0)

මසුරුකමට ගිහින් අතට තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site