(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා වසංගතය මැද ඇතිවූ ජල ගැල්මෙන් පීඩාවට පත්වූවන්ට ආධාර මල්ලක් ලබාදුන් ප්‍රාදේශීය දේශපාලනඥයකු පීඩාවට පත්වූ පවුලේ පිරිස සමග සමූහ ඡායාරූපකට පෙනී සිටීමට සැරසෙද්දී කුඩා දරුවකු ඊට විරෝධය පෑමේ සිද්ධියක් පසුගියදා ජල ගැලීමට ලක්වූ ගම්මානයකින් වාර්තා විය.
ගම්මානයක් ජල ගැල්මට ගොදුරු විය. පීඩාවට පත්වූ පවුල් ගණනාවකි. මේ බව දැනගත් ප්‍රදේශයේ දේශපාලනඥයෙක් ආධාර මලු කිහිපයක් ද ගෙන ආධාරකරුවන් සමග මෙම ගම්මානයට ගියේය. ගෙන් ගෙට යමින් ආධාර මලු බෙදා දුන්නේය. ඡායාරූප ලබාගැනීමද සිදුවිය. මේ ආධාර මලු ලබාගත් අයට මෙන්ම බෙදන්නට ගිය පිරිසටද මේ වනවිට කොරෝනා නීති රීති අමතක වී තිබිණි.
තවත් නිවෙසකට යද්දී කෙතරම් පීඩාවට පත්වූවත් එහි නිවැසියන් සිටියේ කොරෝනා නීතියට අනුගතවය. දේශපාලනඥයා නිවැසියාට බඩු මල්ල දුන්නේය. ඡායාරූපයකට එන්නැයි දැන්වීය. පුංචි පුතුගේ අතින් අල්ලාගත් දේශපාලනඥයා දරුවා තමන් සමීපයේ තබා ගැනීමට උත්සාහ දැරීය.
පුංචි දරුවා ඊට විරෝධය පළ කරමින් දෑත් ගසා දමා ඉවතට දිව ගියේය. පියා හා මව ද පුතාට කතා කළේ ඡායාරූපයට පෙනී සිටින්නටය. ‘මට බැහැ’යි කී දරුවා මහ හඬින් හැඩීය. ‘ඇයි?’ පියා ඇසීය. ‘මේ අන්කල්ලා මාස්ක් දාලා නැතිව මම කොහොම පොටෝ ගන්න එන්නදැයි’ ඇසීමත් සමග දේශපාලනඥයා ඇතුළු පිරිස පත්වූයේ මහත් ලජ්ජාවකටය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
895
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාස්ක් නැති දේශපාලකයාට පොඩි කොල්ලෙකුගෙන් පාඩමක්