IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මස්කරි පවුඩර් ඉල්ලූ තරුණයාට මුදලාලි පුයර ටින් එකක් දීලා

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
බොහෝ අය ලෙහෙසියටත් පහසුවටත් ඉංග්‍රීසි වචන වැරැදියට උච්චාරණය කරති. ත්‍රීවීලර් වෙනුවට “වීල් එක” යැයිද ප්‍රයිඞ් රසිස් වෙනුවට “රයිස් වශයෙන් ද පාවිච්චි කරති.


 එවැනි තවත් වැරදි ව්‍යවහාරයක් නිවැරදි ආකාරයෙන් පාවිච්චි කළ තරුණයකුට මුහුණ දීමට සිදුවූ හාස්‍යජනක පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම් ප්‍රදේශයකින් අසන්න ලැබිණ.


නගරයේ උසස් පාසලක අධ්‍යාපනය ලබන මෙම තරුණයා පසුගිය දිනවල නිවාඩුවකට නිවෙසට පැමිණ සිටියේය. ඉංග්‍රීසි බස පිළිබඳව ද ඔහුට හොඳ දැනුමක් ඇත. අපේ අය වැරැදියට ඉංග්‍රීසි බස හැසිරවීම ගැන ද ඔහු නිතර කතා කරයි.


 දිනක් දිවා ආහාරය සඳහා මස් ව්‍යාංජනයක් පිළියෙළ කිරීමට සූදානම් වූ ඔහුගේ මව “පුතේ කඬේට ගිහින් මට මස් කරි පැකට් එකක් ගෙනත් දෙන්න.” යැයි කීවාය. මස් කරි පැකැට් එකක් යනු මස් ව්‍යංජන පැකැට්ටුවක් කියන එක යැයි මවට ද ඉංග්‍රීසි පාඩමක් කියා දුන් තරුණයා හනිකට කඩයට දිව ගියේය. කුඩා කල තමන් ආගිය වෙළෙඳසල ඒ ආකාරයෙන්ම තිබුණ ද මුදලාලි නම් මැදිවිය ද ඉක්මවා සිටියේය. “මුදලාලි මට මස් කරි පවුඩර් පැකට් එකක් දෙන්න.” ඔහු මුදලාලි අමතා කීය.


 බොහෝ වේලාවක් රාක්ක සහ වීදුරු අල්මාරි ආදිය අවුස්සා බැලූ මුදලාලි පුයර ටින් එකක් ගෙනැවිත් තරුණයාට දෙන ගමන් “අනේ ළමයෝ ඒ ජාතියෙ පවුඩර් නම් නෑ. මෙන්න මේ වරිගෙ විතරයි අපි ළඟ තියෙන්නේ.” යැයි කීවේය.


සිදුවී ඇති අලකලංචිය තේරුම් ගත් තරුණයා මුදලාලිට කරි පවුඩර් යනු පුයර වර්ගයක් නොව තුනපහ කුඩු බව කියා දී ඒවායින් පැකැට්ටුවක් ද ඉල්ලාගෙන ගෙදර ගියේය.



අදහස් (1)

මස්කරි පවුඩර් ඉල්ලූ තරුණයාට මුදලාලි පුයර ටින් එකක් දීලා

himal Saturday, 01 September 2018 03:03 PM

මෙතන වෙලා තියෙන්නේ ඒ මුදලාලි මස්කරි පවුඩර් එකක් යැයි සිතීම. ඒත් පුවත ලියලා තියෙන්නේ මේ සිසුවාට අපහාස කිරීමේ හීනමානයෙන්.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site