IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මවු-පියන්ට හූනියම් කරන්න ගිය පුතාටත් ලේලියටත් කළ කළදේ පල පල දීලා

(හක්මන විශේෂ – දෙනගම යසන්ත ආරියසේන)
පියා සහ මවගෙන් පළිගැනීම සඳහා කොඩිවිනයක් කරන්නට ගිය පුතා සහ ලේලිය වැසිකිළිවලකට ඇද වැටීමේ සිද්ධියක් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


මවුපිය යුවළ සහ පුතා ලේලිය විශාල ඉඩමක නිවෙස් දෙකක ජීවත්වන අතර ඔවුන් අතර නිතර නිතර අඩදබර සිදුවීම සාමාන්‍ය දෙයක් වී තිබේ. ඇතැම් අවස්ථාවල පුතා සහ ලේලිය මවුපිය දෙදෙනාට හිරිහැර සිදුකළ අවස්ථාදවේ. පුතා සහ ලේලිය රජයේ රැකියාවල නියැලෙන අතර දෙදෙනාම මව්පියන්ට සැලකීම පිළිබඳව නිතරම පුරසාරම් දෙඩවීම සිදු කරති.


කට්ටඬියකුගේ උපදෙස් මත කොඩිවිනයක් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය රැස්කරගත් ලේලිය සහ පුතා දිනයක්ද යොදාගෙන තිබිණි. තම නිවස තුළ තබාගෙන මන්ත්‍ර ජප කිරීමෙන් පසු කට්ටඬියා විසින් දුම්මල සහ කහ පැහැති නූලක් බුලත් කොළයක දවටා මව සහ පියා පදිංචි නිවසේ දොරකඩ ඉදිරිපස කිසිවකුට නොපෙනෙන ලෙස වළදැමීම සිදුකරන ලෙසට පුතාට සහ ලේලියට උපදෙස් දී තිබේ. 


කට්ටඬියාගේ උපදෙස් අනුව මව්පියන් පදිංචි නිවසේ දොරකඩ අසල වළක් කපා නූල් කැබැල්ල වැළලීමට මධ්‍යම රාත්‍රියේදී පුතා සහ ලේලිය කටයුතු කර ඇත.


එම අවස්ථාවේදී පියාට එළියේ ඇසුණ ශබ්දයක් නිසා    ඔහු දොර විවෘත කර පැමිණියේය. පියා දැකීමෙන් කලබලවූ ලේලිය සහ පුතා පැන දුවද්දී අසල තිබූ වැසිකිළි වළක ආවරණ කොන්ක්‍රීට් ලෑල්ල කඩාගෙන වළට ඇදවැටී තිබේ. 


පුතා සහ ලේලිය දිවි ගලවා ගැනීමට කෑගසමින් දඟලද්දී පියා සහ මව දිව ගොස් ගොඩට ගෙන නිවසට රැගෙන ගොස් ඇති අතර පියා සහ මව දරුවන්ට අනුකම්පා කර සිද්ධිය වසන් කරගෙන සිටියද පසු දින වන විට සිද්ධිය ගම පුරා පැතිර යාම නිසා පුතා සහ ලේලිය මාස කිහිපයක් ලේලියගේ මහගෙදර ගොස් සිටි බව පැවසේ.



අදහස් (0)

මවු-පියන්ට හූනියම් කරන්න ගිය පුතාටත් ලේලියටත් කළ කළදේ පල පල දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site