පුතයි ලේලියි ජීවත්වූයේ මවගේ නිවසේය. පුතා රැකියාවක නියුතුවූ අතර ලේලිය ඇඳුම් මසමින් මුදල් උපයන්නට වූවාය. මවටද විශ්‍රාම වැටුපක් ලැබිණි. ඇයගේ විශ්‍රාම වැටුප එන්නේ බැංකුවටය. ඇයගේ පහසුව තකා ඇයට ඒ.ටී.එම්. පතක් ගන්නා ලෙස පුතාත් ලේලියත් පැවසූ නිසා ඇය බැංකු කාඞ් පතක්ද ගෙන තිබිණි. මව අරපිරිමැස්මෙන් කටයුතු කරන්නියක වූ නිසා මාසිකව තම විශ්‍රාම වැටුපෙන් ලබා ගත්තේ රුපියල් පන්දහසක් පමණි.
මවගේ කාඞ් පතේ රහස්‍ය අංකය දැනසිටියේ පුතා සහ ලේලිය පමණි. දිනක් පුතා ඔහුගේ අත්‍යවශ්‍ය කටයුත්තකට රුපියල් දසදහසක් අවශ්‍ය බව මවට පැවසීය. මව තම බැංකු කාඞ්පත ඔහුට දුන්නාය.
තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට පසුගිය දිනෙක මව බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගෙන ඉතිරි මුදල පරීක්‍ෂා කිරීමේදී රුපියල් විසි දහසක් අඩු බව දැනගන්නට ලැබිණි.
මව ලුහුඬු ලදුපතක් යන්ත්‍රයෙන් ලබාගෙන පරීක්‍ෂා කළවිට දුටුවේ මුදල් ලබා ගැනීමට කාඞ් පත දුන් දිනයේ පුතා රුපියල් දස දහස වෙනුවට රුපියල් තිස් දහසක් ගෙන ඇති බවය.
මව බැංකුවට ගොස් තමාට බැංකු කාඞ් පතක් අවශ්‍ය නොවන බවත්, එය අවලංගු කරන ලෙසත් ඉල්ලා සිටියාය.
මේ පිළිබඳව පුතාට කිසිවක් නොකීමට ඇය වග බලා ගත්තාය. කොළඹට නුදුරු නගරයක සිදුවූවකි.
(ක්‍රිස්ටෝපර් සීපියන්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මවගේ පැන්ෂන් පඩියට බහිරවයෙක් අරක්ගෙන
sampath Tuesday, 06 August 2019 12:08 PM
දෙමාපියන්ගෙන් යැපෙන තරමට දරුවන්ගේ ආර්ථිකය පිරිහීම එක ආකාරයක රටේ ආර්ථික පරිහානියේ පැතිකඩක්