IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මවගේ නම විකුණූ වඩ්ඩා පැණි හැලියක වැටිලා

  • පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි 

සිය මවගේ නිවෙසට මුළු තැන්ගෙයක් ඉදිකරදීම සඳහා යැයි කියා හිතවතෙකු⁣ගෙන් ලු‍ණුමිදෙල්ල ගසක් ඉල්⁣ලා ගෙන එම ලී දඬුවලින් වෙනත් කාන්තාවකට මුළුතැන්ගෙයක් ඉදිකරමින් සිටි පුත්‍රයකු මවගේ උදහසට ලක්වූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

ලී බඩු උපකරණ නිෂ්පාදනය කිරීමේ මෙන්ම නිවෙස්වල දොර ජනේල ඉදිකිරීමේ සහ වහලවල් ඉදි කිරීමේද ගජ හපනකු වූ හෙතෙම පදිංචි ගමේ මෙන්ම අවට ගම්වලද ජනප්‍රිය වඩුකාර්මිකයෙකි.

ගමෙන් පිට ප්‍රදේශවල ඉදිකිරීම් වැඩ බාර ගන්නා ඔහු ඒ තැන්වලට  ගොස් සතිය දෙක නතරවී හිඳ එම කටයුතු සිදු කරයි. ඇහැට කනට පෙනෙන කාන්තාවක සිටින නිවෙසක වඩු වැඩක් ලැබුණොත් පැණිවලට ඇදෙන ඇඹලයකු මෙන් එම ස්ථානයට ඇදී යන හෙතෙම කැපවීමෙන් දිවා රෑ නොබලා  තම කර්මාන්තය ඉටු කරයි. එවැනි ස්ථානවල වඩු වැඩ  පමණක් නොව එම කාන්තාවන් කියන ඕනෑම දෙයක් කිරීමට හෙතෙම සැදී පැහැදී සිටියි. කාන්තාව ලස්සන නම් කඩේ යාම පමණක් නොව දර පැළීම, වළං පිඟන් සේදීමට පවා ඔහු නොපැකිලිව ඉදිරිපත් වන්නේය. මේ වඩු කර්මාන්තයට ඇති කැපවීම නිසාම ඔහුගේ නිසි කල වයස ඉක්මවමින් තිබුණද විවාහයක් කර ගැනීමද අතපසු වෙමින් තිබිණ.

ඔහුගේ මෙම මානවහිතවාදී ගුණය පිළිබඳව හොඳින් දන්නා ආසන්න ගමක වැන්දඹු කතක් ඔහු ලවා තම පැරණි මුළුතැන්ගෙය අලු‍ත්වැඩියා කර ගැනීමට තීරණය කළාය.   

එම මුළුතැන්ගෙයි වහලයේ යටලී පරාල දිරාගොස් තිබූ බැවින් කාලයේ හැටියට ඒ සඳහා විශාල මුදලක් වියදම් නොකර වඩු අයියාගේ පිහිටෙන් එම කටයුත්ත ඉටු කර ගැනීම ඇගේ එකම අභිලාෂය විය.

ඒ අනුව වඩු මහතා හමුවූ ඇය තමා සතු හැට හතර මායමෙන් දෙකතුනක් යොදාගෙන ඔහුට කොන්ත්‍රාත්තුව බාර දුන්නාය.

‘‘අයියෝ ඕක මොකක්ද නංගි, මගේ ලු‍ණුමිදෙල්ල ගහක් තියෙනව, මම ඒකෙන් අවශ්‍ය කරන ලී දඬු ටික කපාගෙන ඇවිත්ම වැඩේ කරල දෙන්නම්කො”‍ කියා කොන්ත්‍රාත්තුව බාර ගත්තේ ඉහ වහා ගිය සතුටෙනි.

වහාම ගමේ පරිත්‍යාගශීලී පුද්ගලයකු වන වෙද මහතා හමුවීමට ගිය ⁣ හෙතෙම  තම මවගේ කුස්සියේ වහලය දිරාපත්ව ඇති බවත් එය අලු‍ත්වැඩියා කිරීමට ලී දඬු ටිකක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ දිනවල වැය කිරීමට තමා අත මිල මුදල් නොමැති බවත් කියා හැකි නම් ලු‍ණුමිදෙල්ල ගසක් ලබාදෙන ලෙසත් කියමින් බැගෑපත් වූයේය.

කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම වෙද මහතා ඊට කැමැත්ත ප්‍රකාශ කළේය.

සතියක දෙකක ඇවෑමෙන් ලී දඬු ටික සම්පාදනය කර ගත් වඩු මහතා අදාළ කාන්තාවගේ මුළුතැන්ගෙය අලු‍ත්වැඩියා කිරීම ආරම්භ කළේය.

වහල ඉදිකර එහි පොල් අතු සෙවිලි කිරීමේ දිනය එළඹිණ. එදිනම වඩු මහතාගේ මව වෙනත් අවශ්‍යතාවකට වෙද මහතාගේ නිවෙසට ගියාය.

එහිදී වෙද මහතාගෙන් දැනගත් ආරංචියෙන් මව යක්ෂාරූඩ වූවාය.

දුම්මල වරම ගත් යකැදුරෙකු පරිද්දෙන් ඈ වහ වහා අදාළ කාන්තාවගේ නිවෙස බලා දිව ගියාය.

ඒ යන විට තම පුත්‍රයා වහලය මත පොල්අතු බඳිමින් සිටි අතර  කාන්තාව  බිම සිට ඔහුට පොල් අතු දෙමින් සිටින බව ඈතදීම ඇයට දැකගන්නට ලැබිණි.

වහලය මත සිටි වඩුවාටද තම මව කඩිමුඩියේ එන බව  ඈතදීම දර්ශනය විය. එන පොට හොඳ නැති බව වටහා ගත් හෙතෙම වහාම වහලයෙන් රූරා බිමට පැන නොපෙනී ගියත් මවගේ අධික කෝපය නිවෙස හිමි කාන්තාව සමඟ හොඳ පදමට බෙදාහදා ගත්තාලු‍. 



අදහස් (1)

මවගේ නම විකුණූ වඩ්ඩා පැණි හැලියක වැටිලා

Pradeep Kumara Monday, 12 June 2023 09:18 PM

තනි මිනිහෙක් වහලයකට පොල් අතු බදිනවා කියලා ඇහුවමයි. (සෙල්ලම් ගෙයක් නොවේ නම්)

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site