IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මල් ශාලාවකින් ඇවිත් මළමිනියක් ගොඩ අරන්

(ගලහ - ඩබ්ලිව් .ඒ. අසේල)
භූමදානය කරන ලද මෘත දේහයක් මල් ශාලාවෙන් පැමිණ යළි ගොඩගෙන රැගෙන ගිය බවට පැතිරුණු කටකතාවක් නිසා ගමක් කුලප්පු  වූ කතාවක් මහනුවර හේවාහැට ප්‍රදේශයෙන් වාර්තා විය. 


අසනීප වී මාස දෙකක් පමණ රෝහල් ගත වී සිටි කාගෙත් හිත දිනාගත් තරුණයෙකු අකාලයේ මියයාම නිසා ගමක්ම ඉතාමත් කනස්සල්ලෙන් පසුවිය. එම මරණය පිළිබඳ සැකයක් ඇති බවට ද ගමේ කා අතරත් කසුකුසුවක් ඇතිවීම නිසා බොහෝ දෙනා මේ පිළිබඳව තරමක් අවධානයෙන් පසුවිය.


මෙම තරුණයාගේ අවමගුල් කටයුතු පසුගිය සතියේ දිනක සිදුවූ අතර ඉන් දින තුනකට පමණ පසු මෙම මෘත දේහය යළි ගොඩගෙන මල් ශාලාවට රැගෙන ගිය බවට ගම පුරා කට කතාවක් පැතිර ගියේය.
සිද්ධිය මෙසේය.


පසුගිය දිනයක එම ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් මල් ශාලාවෙන් රැගෙන විත් නිවසේ තබා අවමගුල් රථය නැවත යන අතර  රියැදුරු හා සහායක විඩාව සංසිදුවා ගැනීමට කනත්ත අසල ගසක් යට නවතා ඇත. ඒ අවස්ථාවේ ගොවීන් පිරිසක්ද කනත්ත අසල ගසක් යට උදලු ද අතැතිව ගිමන් අරිමින් සිට ඇත. 


මේ සිද්ධි දෙකම කනත්ත අසල මාර්ගයේ ගමන් ගත් වාහනයක නැග ගිය ගමේ පිරිසක් දැක ඇති අතර ගමට ගිය ඔවුන් “අන්න අර වළදාපු මිනිය මල් ශාලාවෙන් ඇවිත් ගොඩ ගෙන අරන් යනවා” පවසා ඇත.

 
“මිනිය ගොඩගන්න වළ හාරන්න ගිය පිරිස තවමත් උදලු_ තියාගෙන එතැන ඉන්නවා” යැයි ද ඔහු පවසා ඇත. සිද්ධියෙන් කුලප්පු වූ ගැමියන් වැල නොකැඩී කනත්ත අසලට පැමිණ ඇති අතර පැමිණි පසු කාටත් සිද්ධිය අබබෝධ වී ඇත.


පණිවුඩය දුන් පිරිස සොයාගෙන ගිය ගමේ කවුරුත් ලුනු ඇඹුල් ඇතිව කනේ ඇගිලි ගහගන්නට ඇති තරම් බැණ වැදී ඇත.

 



අදහස් (1)

මල් ශාලාවකින් ඇවිත් මළමිනියක් ගොඩ අරන්

gamage Saturday, 10 August 2019 08:40 AM

මෙවැනි තේරුමක් නැති අසූචි කතාවක්.. වැදගත් කාර්ය බහුල ජනතා අපගේ කාලය නාස්ති කරන එක විතරයි වෙන්නේ...

:       0       89

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site