 කාන්තාවන්ගේ ගෙල බැඳි රත්තරන් මාල කඩාගෙන පලා යන තරුණ හොරෙකුට කාන්තාවක විසින් මතක හිටින පාඩමක් ඉගැන්වූ පුවතක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වේ.
කාන්තාවන්ගේ ගෙල බැඳි රත්තරන් මාල කඩාගෙන පලා යන තරුණ හොරෙකුට කාන්තාවක විසින් මතක හිටින පාඩමක් ඉගැන්වූ පුවතක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වේ.
පාඩම කියාදුන් කාන්තාව පදිංචි වී සිටින්නේ අලව්ව ප්‍රදේශයේ ඈත පිටිසර දුෂ්කර ගම්මානයකය. ආර්ථික ගැටලුවලින් මිරිකෙමින් ජීවිතය ගැටගසා ගන්නා ඇය පන්නල ප්‍රදේශයේ ඇඟලුම්හලක රැකියාවක නියුක්තව සිටියාය. වීර්යවන්ත දක්ෂ හැඩි දැඩි පෙනුමකින් යුත් ඇයට පාසල් යන දරුවෝ දෙදෙනෙක් ද සිටිති.
උදෑසන අවදි වී ආහාර පාන සකස් කර දරුවන් පාසල් යාමට සූදානම් කර ඇය ද කිලෝ මීටර තුනක් පමණ දුර බස් පාරට පා පැදියෙන් පැමිණ හන්දියේ වෙළඳසලක් අසල නවතා ඇඟලුම් සේවිකා ප්‍රවාහන බස් රථයකින් තම සේවා ස්ථානයට යන්නේ වසර තුනක් තිස්සේය.
පසුගිය දිනක සුපුරුදු පරිදි උදෑසන 6.00 ට පමණ පාපැදියෙන් රැකියාවට යමින් සිටියදී යතුරුපැදියකින් තරුණයකු ඇය පිටුපසින් පැමිණෙන බව දැක ඇතත් ඇය ඒ පිළිබඳව ගණන් ගෙන නැහැ. මෙලෙස කිලෝ මීටර දෙකක් පමණ පිටුපසින් පැමිණ මාර්ගයේ අහීමාන ප්‍රදේශයක දී වේගයෙන් යතුරුපැදිය පදවා ඇය ඉදිරිපිට නවතා ඇයගෙ ගෙල බැඳි රත්රන් මාලය කඩා ගන්නවාත් සමගම මේ කාන්තාව තරුණයාගේ රහස් පෙදෙසට පහරක් එල්ල කරන්නට විය. තරුණයා කෑමොර දෙමින් රත්රන් මාලයද බිම දමා බඩගාගෙන යතුරුපැදියේ නැගී පලා ගොස් ඇත.
අලව්ව සිසිර අබේකෝන්
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාල කඩන්න ඇවිත් බඩගාගෙන යන්න වෙලා