IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාලේ කඩාගත්තාම මුලින් අඬාවැටී පස්සේ හිනාවෙයි

බෙලිඅත්ත සිට වලස්මුල්ල දක්වා ධාවනය වන ශ්‍රී ලංගම බසයට බෙලි අත්තෙන් නැගගත්තේ හැඩි දැඩි කාන්තාවකි.


රැකියාවක් ලෙස වෙළඳාම් කටයුතුවල නිරතව සිටි බව දැනගත්තේ ඇය සතු තරාදිය සහිත බඩු මලු වලිනි. බැලූ බැල්මට ඕ පැළඳ සිටි ආභරණ ලක්‍ෂ හත අටක් වටිනා සේය.


බසය මගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. ඒ අතර බසය වලස්මුල්ල බස් නැවතුමට මඳක් මෙහායින් නතර කළ සැනින් හොඳට හැඳ පැළඳ සිටි තරුණයෙකු එක්වරම ඈ ළඟට ගොස් ඇයගේ ගෙලේ තිබූ ‘චේන්පට’ කඩා ගෙන දිව්වේය.


ඒ සැනෙන් ඕ “අයියෝ මගේ ලක්‍ෂ පහක චේන් එක කඩා ගෙන ගියා” කියමින් මහ හයියෙන් හඬන්නට විය. එහිදී බසයේ සිටි මගීහු ඇයට කිව්වේ පොලිසියට ගොස් පැමිණිල්ලක් දමන ලෙසයි.


එවිට ඈ කියා සිටියේ “අනේ පුතේ මොකට මං පොලිසි යන්නද? ඕක ඉමිටේෂන් මාලයක්” කියාය. එහිදී සියල්ලෝම ඇය සමග කොක් හඬ නගා සිනා සෙන්නට වූහ.

(වලස්මුල්ල - තිලක් මනම්පේරි)



අදහස් (0)

මාලේ කඩාගත්තාම මුලින් අඬාවැටී පස්සේ හිනාවෙයි

විද්‍යා Friday, 20 January 2017 06:05 PM

නියම වැඩේ තමයි (නි)

:       0       0

ගුණවර්ධන Friday, 20 January 2017 08:03 PM

හරිම ප්‍රියජනක සිදුවීමක්. මටත් හිනා! (නි)

:       0       0

කමල් පානදුර Sunday, 22 January 2017 06:02 AM

ඔය හිනාව තියෙයිද පිහියකින් බෙල්ල ටිකක් කපලම අරගෙන ගියානම් ? (බ)

:       0       0

ජනහිත Friday, 20 January 2017 12:34 AM

කවුරුත් ආදර්ශයට ගතයුතු දෙයක්. අර මනුස්සයා නම් ආයේ කවදාවත් ඔය වැඩේ කරන එකක් නැහැ ඇඳුම් ඇඳගෙන නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site