IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මල්ලී කමිසය ඇන්දාට අයියා පොලිසි ගිහින්

මල්ලී තමාගේ කමිසයක් ඇන්දේයැයි අයියා පොලිසියට පැමිණිලි කළේය. මේ අයියා කොළඹට නොදුරු නගරයක සිටියි. තමාගේ කමිස අඳින්නට එපා යැයි අයියා අවස්ථා කිහිපයකදීම මල්ලීට අවවාද කළේය. මල්ලී එය නොපිළිගත්තේය. දිනක් අයියා අසල්වැසි මළ ගෙදරක ගියේය. ටික වේලාවකින් මල්ලීද එහි අවේය. ඔහු ඇඳගෙන සිටියේ තමාගේ කමිසයක් බව දුටු අයියාට යකා නැග්ගේය. වහාම ඔහු මළ ගෙදරින් පිටත්වී ගියේය. එදින සවස මල්ලී සුපුරුදු පරිදි පාර අයිනේ වාඩිවී මිතුරන් සමඟ කතාබහ කරමින් සිටියේය. එතැනට ආ පොලිසියේ කොස්තාපල් වරයකු තමාට විරුද්ධව පැමිණිල්ලක් තියනවා. ඒක විභාග කරන්න පොලිසියට එන්නැයි දැන්වීය. ඔහු අන්දමන්ද වී උඩබිම බැලූවේය. කාටවත් වරදක් නොකළ තමාට විරුද්ධව පැමිණිල්ලක් කළේ කවුදැයි ඔහු කල්පනා කළේය. ඔහු පොලිසියට ගියේ තමාට විරුද්ධව චෝදනාව කුමක්දැයි සිතාගන්නට නොහැකිවය. ඔහු පොලිසියේ පැමිණිලි විභාග කරන තැනට ගොස් තම අනන්‍යතාව හෙළි කළේය. ”ආ... ඔයාට විරුද්ධව පැමිණිල්ලක් තියනවා. කියන්නත් මොකද්ද වගේ, ඔයා අයියගේ කමිසයක් ඇඳගෙන ගියා කියලා පැමිණිල්ලක් ලැබුණා. පැමිණිල්ලක් ලැබුණාම එය විභාග කරන එක අපේ රාජකාරිය නිසයි එන්න කිව්වේ” පොලිසිය පැවැසීය. අනතුරුව අයියා මළෝ දෙදෙනාම කැඳවා සිද්ධිය සමථයට පත් කිරීමට පොලිසිය කටයුතු කළේය.



අදහස් (0)

මල්ලී කමිසය ඇන්දාට අයියා පොලිසි ගිහින්

Dharitha Friday, 20 January 2012 07:11 PM

සහෝදර කම දන්නැති මෝඩ අයියෙක්

:       0       0

andy Thursday, 19 January 2012 10:46 AM

කොල්ලො එක්ක රස්තියාවේ නොගිහින්, රස්සාවක් කරල ඔයත් අඳින්න ගන්න.

:       0       0

බන්දුල ද සිල්වා Thursday, 19 January 2012 01:14 PM

පවු වැඩේ. ඔන්න ඔහේ මල්ලිත් අන්දපුදෙන් ඒකයි සහෝදරකම

:       0       0

yasiru Thursday, 19 January 2012 03:59 PM

අනේ පව් වැඩේ

:       0       0

manoj Thursday, 19 January 2012 07:11 PM

අයියාගේ ඔළුවේ අමාරුවක් ඇති.

:       0       0

අජිත් Friday, 20 January 2012 06:02 PM

සිතාගත නොහැකි පැමිණිල්ලක්. ඔහු සමහර විට මානසික රෝගයකින් පීඩා විදිනවා විය හැකියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1010 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1046 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site