IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


මල්ලී අයියාට බිරිඳ දන්දෙයි

පවුලක 48 හැවිරිදි මල්ලී හා ඔහුගේ 38 හැවිරිදි බිරිඳ සමග මල්ලීගේ 57 හැවිරිදි අයියාද කුලියාපිටිය පොලිසියට පැමිණ සිටියේ පොලිසියෙන් කැඳවුණු පැමිණිලි විභාගයක් සඳහා නොවේ.

තම බිරිඳ හා අයියා අතර ඇතිව තිබෙන ඇඟැලූම්කමට ඉඩ හසර සලසා දීමට පොලිස් පොතේ ලියා සිය කැමැත්තෙන් තම බිරිඳ තම අයියාට බාර දීමටය. කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂක සචිත‍්‍රා සිරිමාන්න මහත්මිය සිය කාර්යාංශයට පැමිණ මේ ‘තුන් කට්ටුව’ දෙස විමර්ශනාත්මක බැල්මක් හෙලූවාය.

වාඩිවෙන්න - මොකද මේ?

මල්ලී - මේ මගේ විවාහක බිරිඳ මේ මගේම අයියා. මේ දෙන්නා මට හොරෙන් ආදර ඇඟැලූම්කම් පවත්වනවා. මං ඒකට කැමති නෑ. ඒ නිසා මං මගේ කැමැත්තෙන් මගේ බිරිඳ මගේ අයියගෙ භුක්තියට බාරදෙන්නයි ආවෙ පොලිස් පොතේ ලියල.

උප පොලිස් පරීක්‍ෂකවරිය - එයා තමාගෙ අයිය වුණත් තමාගෙ බිරිඳගෙ අනියම් සැමියානෙ තමා කියන්නෙත් ඒකනෙ. ඉතින් ගෑනියෙක්ව ඇගේ අනියම් සැමියාට බාර දෙන්න පොලිසියට බෑ. ඉස්සර කාලෙ තිබුණනෙ ‘එකගෙයි කෑම’ කියල එකක්. ඔය තුන්දෙනා මනාප නම් ඒකට කිසිම තහංචියක් නෑ (බිරිඳ සිය සැමියා හා ඔහුගේ අයියා හොරැහින් බලා හිනැහෙයි) 

උප පොලිස් පරීක්‍ෂකවරිය - (බිරිඳගෙන්) ඇයි තමා සැමියා එක්ක විරසක

බිරිඳ - එයා බීලා ඇවිල්ලා මට ගහනව.

සැමියා - ඔය බොරු කියන්නෙ මෙයා කියන දේ අහන්නෙ නෑ. මෙයාගෙ කට හොඳ නෑ.

උප පොලිස් පරීක්‍ෂකවරිය - (අයියාට) තමාගෙ මල්ලිගෙ ඒ කතාව, තමාටත් යම් දවසක පොලිසියට ඇවිල්ල කියන්න සිද්ධ වෙන්න බැරිකමක් නෑ. මේ තමාගෙ මල්ලියි, එයාගෙ බිරිඳයිනෙ. ඉතින් ඇයි ඒ පවුල කඩා ඉහිරවන්නෙ? තමා විවාහ වෙලා නැද්ද

අයියා - කලින් විවාහ වෙලා හිටියෙ දැන් දික්කසාද වෙලා ඉන්නෙ.

උප පොලිස් පරීක්‍ෂකවරිය - (අයියාට) මේ කාන්තාව තමාගෙ මල්ලිගෙ ලබ්බට තිබ්බ අත, තමාගෙ පුහුලට තියන්නත් බැරිකමක් නෑ. ඒ කෝක වුණත් තමාලගෙ මේ මංගල යෝජනා පොලිස් පොතේ ලියන්න බෑ.

මල්ලීගේ බිරිඳ සමග අයියා නව යුවළක් මෙන් පෙරටුව යද්දී තම බිරිඳ අයියාට දන් දුන් මල්ලී ඒ යුවළ පිටුපසින් බිමට යොමාගත් නෙතින් වතින් යුතුව තවුසකු මෙන් පොලිස් භූමියෙන් මහමගට පිළිපන්නේය.



අදහස් (0)

මල්ලී අයියාට බිරිඳ දන්දෙයි

සමීර Monday, 02 November 2015 06:16 AM

මල්ලිට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ගුණවර්ධන Monday, 02 November 2015 07:00 PM

සංජය, පිටිගල හරි. නියම කතාවක් (නි)

:       0       0

මෙලනි Monday, 02 November 2015 06:25 AM

අයියා දික්කසාද වුණේ මොකද කියලා හිතාගන්න පුලුවන් (නි)

:       0       0

නවරත්න Friday, 30 October 2015 10:43 PM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

සමන් Monday, 02 November 2015 08:09 PM

හරිම අවාසනාවක් කවුරුත්ම එකිනෙකාගේ වයස් පිළිබඳ අවධානය යොමු නොකිරිම. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 31 October 2015 12:58 AM

මල්ලි හොඳ බුද්ධිමතෙක්. අයියාටත් ඔය වගේම පොලීසි යන්න වෙන දවස වැඩි ඈතක නැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 31 October 2015 01:24 AM

අන්න එහෙම මරාගන්නේ නැතුව තීරණ ගන්න තියෙන්නේ. වියදමත් අඩුයි. ඇඟටත් ගුණයි (නි)

:       0       0

ජයතිලක Saturday, 31 October 2015 05:18 PM

ඔන්න ඕක තමයි කියන්නේජඅවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගන්න කියලා අයියා අමාරැවේ වැටුනා මල්ලි ගොඩ ගියා....(රේ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 31 October 2015 01:35 AM

මෙන්න නියම සහෝදරයෝ! (නි)

:       0       0

ජයනාත් Saturday, 31 October 2015 02:54 AM

එදා වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කාලා හිටිය සහෝදරයෝ දැන් බිරිදක් බෙදාගන්න බැරුව පොලීසි ගිහින්. (අ)

:       0       0

බන්දුල - ඔස්ට්‍රේලියාව Tuesday, 03 November 2015 12:18 AM

දීපාල් නිරෝෂ්ගේ අදහසට මම නම් සීයට සීයක් එකඟයි. අත්හැරීම පටන්ගන්න හොඳම තැනක් තමයි ඒ මල්ලිට ලැබිලා තියෙන්නේ. හැබැයි අවබෝධයෙන් කළා නම් විතරයි ඒකෙ ප්‍රතිඵල තියෙන්නේ. (නි)

:       0       0

නාරන්ඕවිට, පොරවගම Saturday, 31 October 2015 02:57 AM

මල්ලී කපටියා, බිරිඳ ලවා අයියගෙ දේපලවලට වැඩේ දෙන්නයි කල්පනාව. (අ)

:       0       0

ශාන සෞදි Sunday, 01 November 2015 12:03 PM

මට තියන ප්‍රශ්නේ මේ මල්ලි මේවා කලේ වෙන නංගි කෙනෙක් එක්කන් එන්නද දන්නේ නෑ. ගෙදර රණ්ඩු කලේ මෙයාව එලවා ගන්නද දන්නෙත් නෑ. කොහොම නමුත් වැඩේ කෙරුණා තිතට, මල්ලි ගොඩ. (ර)

:       0       0

ජෙහාන් Sunday, 01 November 2015 12:50 PM

තමන්ගේ එක සොයා ගන්න බැරි තරම් අමුඩ ලේන්සු තොගයක් දොර උඩින් තිබුන ගෙදරක්ද කොහෙද මට පේන හැටියට ! (බ)

:       0       0

සම්පත් Tuesday, 03 November 2015 02:52 AM

මල්ලි, ඔයා දික්කසාද නඩුවක් දාලා නිත්‍යානුකූලව වෙන්වෙන්න. අයියා එක්ක හිටියට තවම ඔයාගේ දේපල අයිතිය එයාට. ඔයාට හොඳ විවාහයක් කරගන්න පුළුවන්. මගේ සුබ පැතුම්!(නි)

:       0       0

විකුම් රංගන Tuesday, 03 November 2015 10:46 PM

පුදුම මිනිස්සු ඉන්න රටට මේක. (නි)

:       0       0

සමරදිවාකර Sunday, 01 November 2015 04:56 AM

නියම නුවණක්කාර මල්ලී කෙනෙක් (නි)

:       0       0

ජයනාත් Saturday, 31 October 2015 07:36 AM

මෙහෙම සිද්ධියක් උනා ටික කාලෙකට කලින් දොඩන්ගොඩ, එතනදි, පොලිස් පොතේ ලියලා අනියම් සැමියත් එක්ක ගිහින් තියෙන්නෙ ආපන ශාලාවකට බුරියානි කා සතුට සමරන්න.නියම සැමියයි දරුවයි ඇඩූ කදුලින් ගෙදර යද්දි..මේ තරම් පිරිහිලා අද සමාජේ. (අ)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 02 November 2015 03:56 AM

පන්සිල් පද කිවුවාට ඒවා රකින්නේ නැති එක තමයි අපෙ සමාජයේ තිබෙන වරද. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 31 October 2015 07:38 AM

දැන හෝ නොදැන මල්ලී ඒළඹිලා තියෙන්නෙ බුද්ධිමත් තීරණයකට, පුද්ගලයෙකුට යමක් අත හැදරීමෙන් සැපතක් ලබන්න පුළුවන්නම් ඒ සැපත සදාකාලිකයි, යමක් අල්ලගෙන සැපතක් ලබනව නම් ඒ සැපත තාවකාලිකයි. (අ)

:       0       0

චන්දික Monday, 02 November 2015 04:02 AM

මෙහෙමත් දේවල්. (නි)

:       0       0

සංජය Saturday, 31 October 2015 08:19 AM

මේ දෙන්නට අමුඩ ලේන්සු තිබිල නැද්ද දන්නේ නැහැ .. ඕක දොරේ එල්ලලා තිබ්බ නම් තුන්දෙනාට අවුලක් නැතිව එකට ඉන්න තිබුණා (අ)

:       0       0

උදාරත් Monday, 02 November 2015 04:53 AM

නියම කතාවක් (නි)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 04:53 AM

පුදුම මිනිස්සු ... (නි)

:       0       0

තරංග Monday, 02 November 2015 09:54 AM

වෙලා තියෙන්නේ කියලාවත් කරගන්න බැරි දෙයක්. (ර)

:       0       0

අජන්ත Saturday, 31 October 2015 11:06 AM

නියම කතාව උප පොලිස් තුමියගේ "උපමාව ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න බැරි නැහැ . හිනා හිනා හිනාආ ....

:       0       0

සයුරි Saturday, 31 October 2015 11:18 AM

දීපාල් නිරෝෂ් පමණකි අර්ථවත් දෙයක් පවසා ඇත්තේ. ඒත් සියයට 99 කටම ඒ දේ පැහැදිලි නොවේ. (අ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 01 November 2015 06:45 PM

එක හැළියේ බත් කන්නේ , එක පැදුරේ නිදියන්නේ , අයියා මල්ලි වාගේ... කියලා දෙන්නම එක ගෙදර ජීවත්වන්නට තිබුනානේ. (නි)

:       0       0

පිටිගල Saturday, 31 October 2015 12:11 PM

මම කියන්න හදපු දේ සංජය කියලා තියෙන්නේ. එ්ක තමයි විසඳුම. මෝඩ ගැනියෙක් දෙන්නගෙන්ම බඩපුරා කන්න තිබුනා නේ මොලේ පාවිච්චි කළා නම්. (බ)

:       0       0

සාමා මොර්ඩන් Tuesday, 03 November 2015 03:21 PM

මල්ලි පොලිසියට ගොස් අයියාට බිරිඳ පවරා දුන්නට , නීතියෙන් වෙන්වෙලා නෙහැ , ඉඳ හිට අවශ්‍ය වෙලාවට ඕනේ එපා කම ඉල්ලා යන්න පුළුවන් නිසා වෙන්න පුළුවන් (බ)

:       0       0

තිස්ස Monday, 02 November 2015 11:15 AM

පොලිසියේ රස්තියාදු නොවී එක ගෙයි කන්න. (ස)

:       0       0

සෑම් Friday, 30 October 2015 08:54 PM

අයියාට දෙන්න තියන ඉහළම දඬුවම තමයි මල්ලි දීලා තියෙන්නේ (නි)

:       0       0

ශාන් සෞදි Saturday, 31 October 2015 01:43 PM

මල්ලි අවස්ථාවක් ලබා ගත්ත වෙන්න බැරිද ? (බ)

:       0       0

මහාචාර්ය යහම්පත් Sunday, 01 November 2015 10:24 AM

මට මතක් වන්නේ ඉස්සර පන්සලේ බුද්දාගම ඉගෙන ගන්න කාලේ අැසු කතාවක් , තම බිරිය දන් දුන් තම ළමයින් දන් දුන් රජකු ගැන , මෙම මල්ලිත් අපරාධ සිතක් ඇති නොකර තම අයියාට තම බිරිඳ බාර දීම මෙත් සිතින් කලා වන්නට පුළුවන් , සමහරු බිරිඳත් මරා අයියාත් මරා දැමීමට පෙළඹෙන ලෝකයක , මෙම මල්ලි ඒ සියල්ලන්ට ආදර්ශයක් ....(රේ)

:       0       0

කරුණාරත්න Sunday, 01 November 2015 09:02 PM

මල්ලී නම් බේරුනා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 323 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 631 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 308 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 809 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 893 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 701 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 843 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 209 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site