IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මිරිස් කරලෙන් හොරේ අල්ලා බිරිය තරුණයකුට දන් දීලා

(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
වියළි මිරිස් කරල් කිහිපයක උපායකින් තම බිරියගේ සොර සැමියා අතටම අල්ලාගෙන බිරිය සමඟ සොර සැමියාද බිරියගේ මවුපියන්ට බාරදුන්  පුද්ගලයකු පිළිබඳව කන්ද උඩරට ගම්මානයකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


ඔහු මැදිවියේ පසුවන වෘත්තියෙන් පෙදරේරුවකු ලෙස සේවය කරන අයෙකු වන අතර තවමත් දරු මල්ලන් නොමැති ඔහුගේ බිරියද මැදි වයසේම පසුවුවත් ඇයට ඇත්තේ තරුණ පෙනුමකි.


වෘත්තියේ ඇති මනා නිපුනතාව නිසාම ඔහුට දුර බැහැර ප්‍රදේශවල පවා වැඩ ලැබුණු අතර එවැනි අවස්ථාවල ඔහු දින තුනක් අනිවාර්යයෙන් නැවතී වැඩකර යළි පැමිණීම සිරිතක් කොට ගෙන සිටියේය.


මේ අතර ඇය නිවෙස ආසන්නයේ සිටි තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගත්තේ සැමියාගේ දින තුනේ නිවාඩුවද ප්‍රයෝජනයට ගනිමිනි.


ඒ පිළිබඳව ඔහුටද කනින් කොණින් ආරංචි වුවද එය සත්‍යයක් බවට පසක් කරගත් පසු එදිනත් ඔහු දුර බැහැර වැඩකට යන මුවාවෙන් නිවසින් පිටව ගියේ තම බිරියට ද කිසිදු සැකයක් නොසිතෙන පරිදිය.


එසේ ගිය ඔහු හදිස්සියේ දෙවැනි දින රාත්‍රියේ නිවසට පැමිණ ඇත්තේ ඇගේ මවුපියන් හා ඇගේම සොයුරන් දෙදෙනෙකුද සමගිනි.
එසේ පැමිණි ඔහු ඇය නිවෙසින් එළියට කැඳවා තම අතෙහි වූ වියළි මිරිස් කරල් කිහිපයක් නිවසේ සාලයේ ගිනි තබා නැවත එළියට පැමිණ ඔවුන් සමග සුහද කතා බහක නිරතව සිටීමටද අමතක නොකළේය.


තවත් සුළු මොහොතකින් මිරිස් දුම වැදී කහිමින් හා කිවිසුම් අරිමින් එසේ ඇය සමග නිවසේ සිටි අසල්වැසි තරුණයාට එළියට පැමිණීමට සිදුවූ අතර කිසිදු ආරවුලක් ඇති කර නොගත් ඔහු තවදුරටත් ඇය සමග දීග කෑමට නොහැකි බව පවසා එම තරුණයා සමග ඇයද ඇගේ මව්පියන්ට බාර කළේය.


ඉන්ද නොනැවතුනු ඔහු ඒ පිළිබඳව ඇගේ දෙමාපියන්ට පසු දිනම තමා සමග පොලිසියට පැමිණ පැමිණිල්ලක් කිරීමට එන ලෙසට සුහදව ඇරියුම් කිරීමටද අමතක නොකළේය.



අදහස් (2)

මිරිස් කරලෙන් හොරේ අල්ලා බිරිය තරුණයකුට දන් දීලා

wijesundera Monday, 30 April 2018 11:24 AM

ඔබ ඉතාම යහපත් කෙනෙක් .මිනී මැරුමක් නොවී ගැටලුව විසඳීම ඉතාම විශිෂ්ටයි

:       73       209

vihanga Wednesday, 02 May 2018 07:19 AM

ඉතා හොඳ මනුස්සයෙක්...

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 604 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site