IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මිරිස්කුඩු දුමෙන් කට්ටඬියාගේ බලේ බිඳිලා

මොරගොල්ලාගම සිසිර කැලේගම


අසරණතාවයට පත් රෝගියෙකු සුවපත් කිරීමේ සාත්තුව බලන්නට ආව පිරිසක් කරන ලද තක්කඩි වැඩක් නිසා කට්ටඬියා ඇතුළු රැස්ව සිටි උදවිය දැඩි අසරණතාවයට පත් වූ පුවතක් මාතලේ දිස්ත්‍රික්කයට මායිම් වූ ගැමි ගම්මානයකින් අසන්නට ලැබුණි.
වන අලින්ගෙන් බැට කන පෙදෙසකි. ගම්මානයේ බොහොමයක් ගොවිතැනින් දිවිපෙත් ගෙවන උදවිය වෙති. සවස් යාමයේ හේනේ සිට නිවසට පැමිණි විවාහක තරුණ කාන්තාවක සිහිමුර්ජාවෙන් මහ මඟ වැටී සිටියාය.
ඇය වහාම රෝහල් ගත කෙරුණි. කළ යුතු වෙදකම් කොතෙක් කළත් ඇයට නිට්ටාවට සුවයක් නැත. මේ තත්ත්වය හමුවේ නිවැසියෝ නොපෙනෙන බලවේගයන් කෙරෙහි විශ්වාසය තැබූහ. ඒ අනුව ඔවුහු දන්නා හඳුනන අයගේ මාර්ගයෙන් දේවාලයක් කරා පිය නැගූහ.
එහිදී එක්තරා දේවාලයක කපුවෙකු කියා සිටියේ තනි පංගලමේ අවේලාවේ ගමන් ගත් කාන්තාවගේ ශරීරයට මිය ගිය ඥාතියෙකුගේ ප්‍රාණයක් ඇතුළුවීමෙන් මේ තත්ත්වය ඇති වී ඇති බවයි.
එය ඉවත් කරනා තෙක් තාවකාලිකව ඇප නූලක් දැමුවාය. දින 21 ක් යන්නට පෙර කෙම්මුර දිනයක නිවසේ රැඳී සාත්තුවක් කළ යුතුව ඇත.


එහිදී පිං මදි මිය ගිය ඥාති ආත්මය පිං ලබා ගන්නා බවත්, එවිට පිං බලාපො​ෙරාත්තුවෙන් ශරීරයට ඇතුළු වී සිටින ඥාති ආත්මය ඉවත්ව යාමෙන් රෝගී කාන්තාව සුවපත් වෙන බවත් කපුවා පැවසීය.
ඒ කෙරෙහි විශ්වාසය තැබූ නිවැසියෝ කපුවා කියූ ආකාරයට සාත්තුවට අවැසි කැවිලි පුළුටු ආදි සියල්ල ලහි ලහියේ පිළියෙල කළහ. ඒ සඳහා පවුලේ හා අවට අයගේද සහයෝගය ලැබුණි.
එය කළ යුතු දිනයේ සවස් යාමයේ සිටම ශාන්තිකර්මය සිදු වෙමින් පවතී. අවසාන හෝරාවේදී අලු‍යම් කාලයේදී කපුවා අසිහියෙන් දිෂ්ඨි වෙන්නට පටන් ගත්තේය. උඩැක්කි, කෝල් මුර නොනවත්වා නාද වන්නේය. සාත්තුවේ හොඳම දේ සිදු වන්නේ මේ අවස්ථා‍ වේදීය. තැන් තැන්වල නිදා සිටිය අය පවා අවදි වී එය බලන්නට පොරකන්නට වූහ.
කපුවා හූ හඬ නගමින් දැල්වෙන ගිනි පන්දම අතට ගත්තේය. නිවසේ කාමරයක් කාමරයක් පාසා යමින් ගිනි කබල අල්ලා එයට ගෙනා සාම්බ්‍රානි මිශ්‍රය ඉසමින් කාමරවලට ඉස්සේය.
ගිනි පන්දමට මුසු වූ සාම්බ්‍රානිවලින් ගිනි දැල් උඩට විසි වන්නේය. එය බයංකාර දසුනකි. කුඩා දරුවෝද ඇතැම් වැඩි හිටියෝද බියෙන් හා තැති ගැන්මෙන් යුතුව පසු වූහ.
ටික වේලාවකින් ආරූඪව සිටි කපුවා දැඩි අපහසුතාවයකින් කහින්නට පටන් ගත්තේය.
එය දුටු සාම්බ්‍රානි ඉසින්නා දුම් කබලට තව තවත් සාම්බ්‍රානි මුසු කළේය.
කපුවා පමණක් නොව අසිහියෙන් සිටි රෝගී කාන්තාවද නිවසේ රැස්ව සිටි අයද නොනවත්වා කහින්නට පටන් ගත්හ. ඇතමුන්ගේ ඇස්වලින් කඳුළු පිට වූහ, උඩැක්කි ගසන්නෝ ද, කෝල් මුර දෙන අයද දැඩි අපහසුතාවලට පත්ව සිටියහ.
අසිහියෙන් සිටි කට්ටඬියා සාත්තුව නවතා දැමුවේය. ගිනි පන්දම විසි කළේය. ඉවතට ගියේය. සාම්බ්‍රානි කුඩු පරීක්ෂා කළේය.
සාම්බ්‍රානිවලට මිරිස් කුඩු හා මිරිස් ඇට මුසු කිරීමෙන් මේ අපහසුතාවය ඇති වී තිබෙන බව හෙළිකර ගත්තේය.
පිටතින් නිවසට සාත්තුවට ගෙනා කට්ටඬියාගේ බලය උරගා බලන්නට මෙහි පැමිණි දඩබ්බරයන් පිරිසක් මේ වැඩේ කර ඇති බවට කරුණු අනාවරණය වුණි.
එය ඇසූ ඇතැමෙක් කොක් හඬලා සිනා සෙන විට තවත් පිරිසක් අසමත් ජාති වැඩේ කළ අයට දොස් නැගුවත්, එය කළේ කවුද යන්නට මේතාක් බලගතු කට්ටඬියාටවත් සොයා ගන්නට බැරි ලු‍.

 



අදහස් (1)

මිරිස්කුඩු දුමෙන් කට්ටඬියාගේ බලේ බිඳිලා

Lalla Monday, 09 December 2024 07:45 PM

දුකයි...! විසිඑක්වන සියවසේ තුන්වන දශකයේත් අපි තාම මල පෙරේතයෝ අල්ලාගෙන දඟලනවා.. නිධාන හාරනවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site