IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාරුව හදාගන්න ගුරුවරිය කොන්දෙ අමාරුව හදාගෙන

පළාත් සභාව යටතේ ඇති පාසලකින් ජාතික පාසලකට ස්ථාන මාරුවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්  ගුරුවරියක්  කොන්දේ අමාරුවක්  හදාගෙන දකුණු  පළාතේ ආණ්ඩුකාරවරයා හමුවූ බව කියන සිද්ධියකි මේ.
පසුගිය දිනෙක  දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා  හමුවට හිටපු  මන්ත්‍රීවරයෙකුද සමග  පැමිණි දුර බැහැර පාසලක සේවය කරන  විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී තරුණ ගණිත  ගුරුවරියක්  තමන් බලවත්  කොන්දේ අමාරුවකින් පෙළෙන බවට ආණ්ඩුකාරවරයාට  දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරමින් තමන්ට යාමට   ඒමට  පහසු පාසලකට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළාය.
ආණ්ඩුකාරවරයාද මෙවැනි දුක් ගැනවිලිවලට අවධානය යොමු කර සානුකම්පිතව කටයුතු කරන්නෙකු බැවින්  ගුරුවරියගේ ඉල්ලීම වහාම   ඉටු කර දීමට පියවර ගනිමින් තවදුරටත් අවශ්‍ය තොරතුරු විමසා ඇයගේ නිවස ආසන්නයේ පළාත්  පාසලකට ස්ථාන මාරුව ලබා දීමට අවශ්‍ය නිර්දේශ සටහන් කෙරුණු ලිපියක්ද ඇයට ලබා දුන්නේය.


 එය ප්‍රතික්ෂේප කළ ගුරුවරිය තමාට ස්ථාන මාරුව  අවශ්‍ය වන්නේ   පළාත්  පාසලකට නොව ජාතික පාසලකට බව ආණ්ඩුකාරවරයාට  පැවසුවාය.
 එය කඩිනමින් කළ හැකි දෙයක් නොවන බැවින් මේ මොහොතේ  කොන්දේ අමාරුවට සහනයක් ලෙස නිවසට සමීප  පළාත් පාසලට ගොස් කොන්දේ අමාරුවද  සුවකර ගන්නා මෙන්  ආණ්ඩුකාරවරයා පියකු මෙන්  ඇයට ඉතාමත් කාරුණිකව දන්වා  සිටියේය.
 එහෙත්  එය ප්‍රතික්ෂේප කළ ගුරුවරිය  ආණ්ඩුකාරවරයා දුන් නිර්දේශ ලිපියද ඉරාදමා ආණ්ඩුකාර කාර්යාලයෙන් අසතුටින් හා කේන්තියෙන් පිටව ගියාය.
 දකුණු පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 60 ක් වැය කර ඉදිකරන ලද නියාගම ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල ඉකුත්දා විවෘත කිරීමේ උත්සව සභාව අමතමින් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය  විලී ගමගේ මහතා ඔහු  මුහුණ දී තිබූ  මේ සිද්ධිය උත්සව සභාවේ සිටි සියල්ලන් සිනා ගන්වමින්  විස්තර කළේය.
 ගුරුවරියට අවශ්‍යව තිබුණේ කොන්දේ අමාරුව  හේතුවක් ලෙස  පෙන්වා ජාතික පාසලකට යාම බවද එවැනි අවස්ථාවාදී වැඩවලට තමන් විරුද්ධ බවද විලී ගමගේ මහතා මෙහිදී පැවසීය.

 

බෙන්තොට ජේ. ඉඳුරුවගේ

 



අදහස් (0)

මාරුව හදාගන්න ගුරුවරිය කොන්දෙ අමාරුව හදාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site