(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
අවුරුදු උළෙලක ගම හරහා දිවීමේ තරගයක තරගකරුවන්ට සහයට පැමිණි පුද්ගලයකුට තම සරමද අහිමිවීමේ පුවතක් කඳුරට ගම්මානයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේයි,
ගම්මානයේ තරුණ කැල සංවිධානය කළ එම අවුරුදු උළෙලේ ගම හරහා දිවීමේ තරඟයට ලැබී තිබූ උණුසුම් ප්‍රතිචාරය නිසාම එයට බාල, තරුණ, මහලු වයස් බේදයකින් තොරව විශාල පිරිසක් සහභාගී වූහ.
නියමිත වේලාවට තරගය ඇරඹූ අතර ත්‍රිරෝද රථයක බැඳගත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් ඊට ලබා දුන් ප්‍රතිචාරය නිසාම ගමේ ලොකු කුඩා ගැහැනු පිරිමිද එය නැරඹීමට අමතක නොකළහ. මේ අතර තරගකරුවන්ට ධෛර්යයක් දීම පිණිස ගමේ සිටි මැදිවයසේ පුද්ගලයෙකු තම නිවස ඉදිරිපිට සිට තරගකරුවන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කොට තිබුණි.
කෙමෙන් කෙමෙන් තම නිවස ඉදිරිපිටින් තරගකරුවන් ගමන් කිරීම ඇරඹීමත් සමඟ බාල්දියකට පුරවාගත් ජලය ද ඇතැතිව ඔවුන් පසුපස ගොස් ජල ප්‍රහාර එල්ල කිරීමට ඔහු කටයුතු කළේය.
කෙසේ නමුත් සිදුවූයේ අනෙකකි. තම ස්වාමියාගේ හදිස්සි ක්‍රියාව තේරුම් නොගත් නිවසේ සිටි සුනඛයා තම ස්වාමියාට අනතුරක් වනු ඇතැයි සිතූ නිසාදෝ වහ වහා දිවමින් ඔහුගේ සරමේ එල්ලීම නිසා ඔහුට එම තරගකරුවන් සමඟ මඳ දුරක් උපන් ඇඳුමින්ම දිවගොස් ලඳු කැලෑවකට වැදීමට සිදුවූ බවට වැඩිදුරටත් වාර්තාවේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැරතන් ධාවකයන්ට උදව් කරන්න ගිහින් සරමත් නැතිවෙලා
janahitha Friday, 27 April 2018 01:21 AM
කොහොමටත් කමක් නැහැ කවුරු කවුරුත් අවුරුදු සමයේ පොඩි විනෝදයක් ලබන්න ඇතිනේ.