කුරුණෑගල ර.මු.වී.ර. බණ්ඩාර
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සුවසේ සිටීමේ පුවතක් වාර්තා විය.
මධ්‍යම රාත්‍රියේ හදිසියේම හෘදයාබාධයක් වැළඳී රෝහලට ඇතුළත් කළ මිතුරාගේ සුවදුක් සොයා බැලීමට පසුදින රෝහලට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබන ඔහු සමඟ රෝගය හා ප්‍රතිකාර සම්බන්ධයෙන් තොරතුරු විමසා පසුදින නැවත එන බවට පොරොන්දු වී මිතුරන් පිරිසක් ඔහුගෙන් ඒ මොහොතේ සමුගෙන ඇත.
පසුදින මධ්‍යාහනයේ රෝහලේ රෝගීන් බැලීමට නියමිත කාලයේ ප්‍රතිකාර ලබමින් සිටි මිතුරා මෙදින පෙරදා සිටි තැනදි දැකගැනීමට නොහැකි වූ අතර දර්ශනය වූයේ මිතුරා ප්‍රතිකාර ලබමින් සිටි ඇඳ වටා රෝගියා නොපෙනන සේ කොළ පැහැති රෙදි ආවරණයක් යොදා තිබීමයි.
ටික වේලාවක් පසෙකට වී බලා සිටියේ වෛද්‍යවරයකු මිතුරාට වෛද්‍ය ප්‍රතිකාරයක් කරන්නේයැයි සිතමින්ය. කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගියත් වෛද්‍යවරයකු හෝ රෝහල් සේවකයකු ආවරණයෙන් එළියට එන බව නොදුටු නිසා අසල සිටි ආරක්ෂක නිලධාරිනියගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඇය සතුව තිබූ ලේඛනයක් පරීක්ෂාකර “සර් ඒ ඇඳේ පේෂන්ට් මේ දැන් ඩෙත්වුණා” යැයි පැවසීමෙන් දැඩිසේ සංවේගයට පත්වී, එම දැනුම්දීම විශ්වාස නොකර වාට්ටුව භාර හෙද නිලධාරිනිය හමුවී පෙරදින ඇඳේ සිටිය ලෙඩා සම්බන්ධව විමසූවිට ඇය කියා සිටියේත් ‘‘පේෂන් ඩෙත්වුණ” බවයි.
රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි මිතුරාගේ නම සඳහන් කර නැවත වරක් ඇගෙන් විමසුවිට, ඇය සඳහන් කළේ ‘‘ඊයේ හවස පේෂන්ට් දෙකේ වාට්ටුවට මාරුකළා” කියාය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක