IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මැරුණු මිතුරාගෙන්‍්‍ මහ රෑ ‘කෝල්’ ඇවිත්

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

මාස කිහිපයකට පමණ පෙර මිය ගිය තම හොඳම මිතුරාගේ ජංගම දුරකථනයෙන් මහ රෑ ලැබුණු දුරකථන ඇමතුමක්  නිසා මහා කලබගෑනියක් ඇති වූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයක ගම්මානයකින් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

ඔවුන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ළඟින්ම ඇසුරු කළ මිතුරන් දෙදෙනෙකි. මොවුන්ගේ මිතු දමට ප්‍රධාන හේතුව වූයේ දෙදෙනාම එකම කාර්යාලයක දීර්ඝ කාලයක් එක ළඟ මේස දෙකක සේවය කිරීමයි. කාර්යාලයේදී ආහාර ගන්නේද සේවය අවසන් කර කාර්යාලයෙන් පිටව යන්නේද එකටමය. එපමණක් නොව  හවස නිවෙසට යාමට පෙර නගරයේ මත්පැන් හලකින් මධුවිත තොල ගාන්නේද එකටමය. එයිනුත් නොනැවතුණු මොවුන්ගේ මිතු දම රාත්‍රි කාලයේ දෙතුන් වරක් දුරකථකනයෙන් අමතා තොරතුරු කතා කර ගැනීම දක්වා දුරදිග ගොස්  තිබිණ.

මෙසේ තිබියදී මෙම මිතුරෝ දෙදෙනා වසරකට පමණ පෙර ළඟ ළඟ දින දෙකකදී කාර්යාලයෙන් විශ්‍රාම ගත්හ. විශ්‍රාම යාමෙන් පසුව පෙර මෙන් දිනපතා හමුවීමට අවස්ථාව නොලැබුණද  ලැබෙන සෑම අවස්ථාවකදීම මිතුරන් දෙදෙනා  හමු වී සුවදුක් කතා කර ගත්හ. පෙර මෙන් එකටම ගොස් ඉඳ හිට මධු විතද තොල ගෑහ.

මෙසේ සිටියදී මාස කිහිපයකට පෙර එක් මිතුරෙක් හදිසියේ අභාවප්‍රාප්ත වූයේ හදිසියේ හට ගත් රෝගී තත්වයක් උත්සන්න වීම හේතුවෙනි. හොඳම මිතුරාගේ වියෝව නිසා අනෙක් මිතුරා දැඩි චිත්ත පීඩාවකට පත්ව සිටියේය. ඔහුගේ දුරකථනයේ මිතුරාගේ නම සටහන්ව ඇති අංකය නිතර පරීක්ෂා කරන්නට විය.  දිනපතා නින්දට යන්නේ ඔහු සිය බිරිය සමඟ තම මිතුරා පිළිබඳව කතා කර දුක බෙදා ගැනීමෙන්  පසුවය.

මෙසේ සිටියදී එක් දිනක් රාත්‍රී කාලයේ මොහුගේ දුරකථනය  හදිසියේ නාද වන්නට විය. වහා දිව ගොස් දුරකථනයෙන්  කතා කරන්නේ කවුදැයි අංකය බැලූ විට මිතුරාට තරු පෙනෙන්නට විය. ඒ ඇමතුම ලැබී තිබුණේ  වසර ගණනාවක් තිස්සේ තමන් සමඟ ඇසුරු  කළ මාස කිහිපයකට පෙර මිය ගිය තම හොඳම  මිතුරාගේ දුරකතනයේ  අංකයෙනි. කෙතරම් මිතුරකු  වුවද මිය ගිය අයකුගේ දුරකථනයෙන්  ඇමතුමක් ලැබීම ඇඟ කිලිපොලා යන සිදුවීමකි. වහාම ඔහු  සිය බිරිඳටද කතා කර මේ බව කීවේ  දැඩි  බියකින් යුක්තවයි.

බිරිය මේ ගැන එතරම් බියක් නොදැක්වු අතර ඇය පෙරළා එම අංකයට ඇමතුමක් ගෙන බැලු‍වාය. එහා කොනෙන්  කතා කළේ මිය ගිය මිතුරාගේ වැඩිමල් පුතාය. ඔහු පවසා ඇත්තේ තම පියාගේ දුරකතන සිම් පත තමන් භාවිත කරන බවත්  මෙම අංකයෙන් නිතර  මඟ හැරුණු ඇමතුම් ලැබෙන බැවින් කුමක් හෝ අවශ්‍යතාවකට  ඇමතුම් ගනු ඇතැයි සිතා ඇමතුමක් ගෙන බැලූ බවයි.



අදහස් (0)

මැරුණු මිතුරාගෙන්‍්‍ මහ රෑ ‘කෝල්’ ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 248 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 725 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 818 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 673 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1250 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 724 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 690 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 179 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1211 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site