සත් කෝරළයට අයත්වයඹ දොරටුව නමින් හැඳින්වෙන නගරයට අයත් උප ගම්මානයකින් ඇසෙන කතාවකි.
මැදි වයස ඉක්ම වූ සැමියා පෙදරේරුවෙකි. බිරිඳ සැමියාගේ වයසට සමාන කම් කීව ද කඩවසම් රූමතියකි. පෙදරේරු රැකියාවෙන් උපයා ගත් ධනයෙන් අංගසම්පූර්ණ පහසුකම් සහිතව නිම කළ නිවසේ වැඩි ආරක්ෂාවට සී.සී.ටී.වී. කැමරා ද සවි කළේය.සැමියාත්, බිරියත්, දරු දෙදෙනාත් ආදරයෙන් සතුටින් කල් ගත කළහ.
පෙදරේරු රැකියාව තම එකම ජීවිකාව කර ගත් ඔහු කාර්ය බහුල චරිතයකි. එහෙත් බිරිඳ සැමියා හා දරුවන් වැඩපලටත් පාසලටත් ගිය පසු හොර රහසේ අනියම් සැමියන් නිවසට ගෙන්වාගෙන ඔවුන් සමග විසීම පුරුද්දක් කරගෙන සිටියාය.
කලක පටන් බිරිඳ කෙරෙන් පෑ අමුතු ගති පැවතුම් ගැන විමසිලිමත් වූ පෙදරේරු සැමියා තම බිරිඳ ගැන පියවි ඇසට අමතරව නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා ඇසින් ද විපරම් කිරීමට අදිටන් කරගත්තේය.
ඇය නිවසට වී කාලය ගත කළ අතර, අතමිටේ යහමින් මුදල් ගැවසීම ද ඔහුගේ සැකය තවත් වැඩි කිරීමට හේතු විය. මේ ගෑනි ළඟ සල්ලි මැෂිමක් තියෙනවදැයි සිතුවේය.
කාලය ගෙවී ගියේය. ඇයගේ නොහොබිනා හැසිරීම තම අතටම හසු කර ගත යුතු යැයි දිනක් කල්පනා කළ ඔහු පටිගත වූ සී.සී.ටී.වී. දර්ශනවල පසු දර්ශන පරීක්ෂා කළේය. එහිදී බිරිඳගේ වෙනසට හේතුව සැක හැර දැන ගැනීමට ඔහුට හැකි විය. ලැබෙන නිදහස උපරිමයෙන් සොර සැමියත් සමග බුක්ති විඳින අයුරු ද ඔවුන් ඇයට මුදල් ලබා දෙන අයුරු ද පටිගත වී ඇති බව දැකීමෙන් උන්හිටි තැන් පවා අමතකව ගිය ද කෝපය යටපත් කර ඇය අමතා ඇයට එම දර්ශන නැරඹීමට ඉඩ සලසා දුන්නේය.
අවසානයේ ඇය ඇමතූ ඔහු “මගෙ ඇස් දෙක වහලා ගෙදරට වෙලා මෙච්චර කලක් කරල තියෙන දේ යස අගෙයි. මගෙ ඇස් වහලා පඩංගු නැටුවට කැමරාවට බොරු කරන්න බැරි වුණා නේද? ඔය තියෙන්නේ යස අගේට රඟපාපුවා. මින් මනත මේ වගේ දේවල් කරලා අහුවුණොත් මම යස පාඩමක් උගන්වනවා. ජීවිතේටම මතක හිටින්න යැයි අවවාද කළේය.
(අලව්ව ජයන්ත කුමාර දිසානායක)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මායියගෙ සල්ලි උනන මැෂිම ගේ අස්සේ