දකුණු පළාතේ නගරයක් ආසන්නව ජීවත්වන මේ නිවෙස් හිමියා කලින් දිනයක යහළුවකු හමුවීමට ගම්බද ප‍්‍රදේශයකට ගිය ගමනේ දී පුෂ්ඨිමත් බලූ පැටවකු ගෙදරට ගෙනැවිත් ගතවූයේ හරියටම සතියකි.
පසුගියදා උදේ පාන්දරම මහපාරට දිව ආ ඌ ත‍්‍රිරෝද රථයක හැපී පසුපස කොටසට බරපතළ තුවාල ලබා පස්සාගාත් අද්දවමින් සිට දිනකට පසු මළේය.
නිවෙස පසුපස වළක් කපා ඌ වළ දැමූ දා මැදියම් රාත‍්‍රී මහ වැසි මධ්‍යයේ ගෙහෙමියාට නිවසේ දොරකඩ අසලින් බලූ පැටවකුගේ කෙඳිරිළි හඬක් ඇසිණි. දොර විවෘත කළ විට එදින උදේ වළ දැමූ බලූ පැටියා පස්සාගාත් අද්දමින් එහි සිටිනු දුටු විට ඔහුට තරු පෙනිණි.
ඔහු ගෙතුළට ගොස් මේ ගැන ගෙදර අයට කී විට ඔවුන් ද විමතියට පත්ව එතැනට ආවත් කිසිදු බලූ සලකුණක් එහි නොවීය.
බල්ලාගේ අවතාරේ ඇවිත් වෙන්නැති’ විහිළුවට කී ගෙදර අය ආපසු නින්දට ගියත් ගෙහිමියාට නම් නින්ද ගියේ නැත. පසුදා උදෑසන බල්ලා වළදැමූ වළෙහි පස් හැරී විසිරී තිබුණත්, බලූ සලකුණක්වත් එහි නොවූ බව දුටු ගෙහිමියාට යළිත් දෙවියන් සිහිවුණාලූ.
2025 දෙසැම්බර් මස 16
68
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මියගිය බල්ලාගේ හොල්මන ඇවිත්
නන්දලාල් - ප්‍රංශය Wednesday, 06 January 2016 07:31 PM
මේ මනුස්සයා සතා මළ දුකට ඒ සතා කොහේ වළ දැම්මාද කියා දන්නේ නැතුව වෙන්න ඇති නින්දට වැටුනේ. (නි)
ටානි Wednesday, 06 January 2016 10:48 PM
මොකක්ද අප්පේ මේ වෙලා තියෙන්නේ? (නි)
ගමඇති Thursday, 07 January 2016 12:06 PM
කොහොම වුනත් හොඳ ප්‍රබන්ධයක්. (ර)
කිත්සිරි Thursday, 07 January 2016 03:00 AM
බලු පැටියාගේ කුණ කබරයෙක් හාරලා කන්න ඇති. (නි)
පිටබැද්දර ජයා Thursday, 07 January 2016 04:37 AM
පණ පිටින් බල්ලා වලලන්න ඇති (බ)
යොහාන් Thursday, 07 January 2016 05:07 AM
ඌ වෙන බල්ලෙක් වෙන්න ඇති (නි)