(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
වී වේළන මාගල මීයා කා විනාශ කළැයි නිවසේ වහලය මුදුණේ යට ලීයේ සිටින මීයා මැරීමට කොස්සක් රැගෙන පුටුවකට නැගීමට ගිය වයෝවෘද්ධ කාන්තාවක පුටුව පෙරළී වැටී ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ගම්මානයකින් වාර්තා විය.
මෙලෙස පුටුව පෙරළී වැටී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි සිව්දරු මවකි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
වයෝවෘද්ධ කාන්තාවගේ සැමියාට වී ලාස් හයක කුඹුරු ඉඩමක් ඇති අතර මෙම කුඹුර වගා කර ලබා ගන්නා වී ටිකෙන් ඊළඟ කන්නය දක්වා යැපෙන නිසා ඔවුන් කිසිම දවසක වෙළෙඳ පොළෙන් හාල් ගෙනාවේ නැත.
සෑම කන්නයකම කුඹුරු කරන නිසා නිවසේ කුඹුරු වැඩට ගන්නා බඩු භාණ්ඩවල අඩුවක්ද නැත. 
මෙම කාන්තාව මාවනැල්ල ප්‍රදේශයේ ඥාතිවරයෙකුගේ නිවසකට ගිය අවස්ථාවේදී රුපියල් 800 ක මුදලක් ගෙවා අසල්වැසි නිවෙසකින් වී වේළීමට තල කොළ වලින් වියන ලද මාගලක්ද ගෙනාවේය.
පසුගිය ගිය කාලේ අධික වර්ෂාපතනය නිසාම මාගල් එල්ලා තිබුණි.  දිනක් රාත්‍රි කාලයේ මීයෝ මාගල කපන ශබ්දය කාන්තාවට ඇසුණි. පසු දින පොඩි පුතා ලවා එල්ලා තිබුණු මාගල් තුන බිමට ගත්තේ මීයෝ වැඬේ දීලා ඇද්දැයි බැලීමටය. කීවාක් මෙන් මාගල මීයන් කා විනාශ කර දමා ඇති අයුරු කාන්තාවට දැකගන්නට ලැබුණි. ඇය සෑම පුරපසළොස්වක පෝයකටම විහාරස්ථානයේ සිල් සමාදන් වෙමින් දැහැමි දිවි පෙවතක් ගත කළද මීයන් මාගලට කළ විනාශය උහුලාගත නොහැකිවිය.
මුදුන් යටලීයේ සිට මීයෙක් තමන් දෙස බලා සිටින අයුරු කාන්තාව දුටුවේය. මාගල කෑවාට මීයාට හොද වැඩක් කරන්නෙමියි හිතා කාමරයක තිබු කොස්ස ගෙන මීයා මැරීමේ අදහසින් පුටුවකට නැගීමට සුදානම් වෙනවාත් සමඟම පුටුව සමඟ කාන්තාවද බිම වැටුණි.
පුටුව පෙරළුණු ශබ්දය ඇසී දුව ආ බාල ලේලිය අම්මා බිම සිටින අයුරු දැක නැගිට්ටවා බීමට තේ කොප්පයක්ද සාදා දී ඇත.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
මීයෙක් යකා නටලා