IMG-LOGO

මාමාගේ ‘රථ ගායට’ බෑණාගෙන් පාඩමක්

රෝද හතර කැරකෙනවානම් ඕනෑම වාහනයක නැගී ඕනෑම  තැනක යාමට කැමැති වැඩි හිටියෙකි. ඇඟේ  කමිසයක් වත් නොමැතිව පාර අයිනට වී සිටි ඔහු රවටාගෙන  අනුරාධපුරය දක්වා රැගෙන යාමේ පුවතක් වාර්තා වෙයි.


විහිලුවට බර පුතෙකි. නවීන  පන්නයේ මෝටර් රියක්ද හිමිය. ඔහු ගමනක යෙදී සිටියදි ඥාතිත්වයෙන් මාමා කෙනෙකු පාර අයිනේ ඉන්නවා දුටුවේය. මේ මාමා වාහනවල ගමනට  මහත් රුචිකත්වයක් දක්වන බව බෑණා දැන සිටියේය. මාමා සරමෙන් පමණක් සැරසී සිටියේ නිවස ආසන්නයේ බැවිනි. මාමා දුටු  බෑණා රිය නතර  කළේය. ඉදිරි අසුනේ දොර විවර කළේය. “මාමේ ගොඩවෙන්නකෝ ළඟකට ගිහින් එන්න” බෑණා කීවේ මහත් ලෙන්ගතු කමිනි.


 “මම කමිසයක් දාගෙන එන්නම් කී මාමා නිවස දෙසට යන්නට හැරුණත් ඉක්මනට එනවානේ ඔහොමම එන්නැයි” බෑණා කීවේ කිසිවක් හිතේ සඟවාගෙනය. ඔහු වාහනයට ගොඩ වුවේය. රිය අලව්ව දෙසට ගියේය. බෝයවලාන පසු කරද්දී “පුතේ කොහාටද යන්නේයි ” මාමා ඇසුවේ සැකයක් දැනුන නිසාවෙනි.


 “අපි ආ එකේ අලව්වට ගිහින් එමු.” පුතා කීය. දැන් රිය අලව්ව පසුකර පොතුහැර දෙසට යයි. “දැන් කොහේ යනවාද” මාමා යළි  විමසීය. කුරුණෑගලට ගිහින් එමුකෝ යි පැවසීමත් සමග තමන් බෑණාගේ ගැටයකට අසුවූ බව මාමාට තේරුම් ගියේය. එතැන්  සිට මාමා සිටියේ නිහඬවමය. පැය තුනක ගමනකින් පසු රිය නතර කළේ රජරට කඳවුරක් සමීපයේය.


 “මාමේ මම කෑම්ප් එකට ගිහින් එන්නම් මාමාට කමිසයක් නැතිව කෑම්ප් එකට යන  එක හරි නෑනේ. මාමා බස් හෝල්ට් එකේ නතර වෙලා ඉන්න. පුතා කීවේ ඇඟට පතට නොදැනෙන  ලෙසය.


 මාමා බස් හෝල්ට් එකට ගොඩ වී   එහි වාඩි ගත්තේය අනුන්ගේ වාහන දකින දකින ගානේ ඒවාට නගින තමාට හොඳ පාඩමක් බව සිතමිනි. තවත් පැයකින් පමණ රියට ගොඩවූ මාමා යළි ගමට එන තුරාවටම පුතා සමග වචනයක්වත්  කතා නොකළේය.


ගමට ආපසු රියෙන් බැස්සේ පුතේ ස්තුතියි කියමිනි. දැන් මාමා කෑම්ප් එකට ගියා වගෙයි” අසල්වැසියෝ කීවොත් මාමාට යකා නගින්නේය. 
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 



අදහස් (1)

මාමාගේ ‘රථ ගායට’ බෑණාගෙන් පාඩමක්

Walter White Monday, 30 December 2019 03:28 AM

අර අහිංසක වයසක මනුස්සය රස්තියාදු කෙරෙව්වා මදිවට ලැජ්ජාවට පත් කළා. සමහරවිට ජීවිතේට වාහනයක් අයිතිවෙලා නැති වාහනයක් පදවන්න ලැබිලා නැති අන්තිම අහිංසක මනුස්සයෙක් වෙන්න පුළුවන්, ඒ නිසයි ඔය පොඩි ළමයෙක් වගේ වාහන වල යන්න ආසා ඇත්තේ. එහෙම මනුස්සයෙක්ට ඔය විදිහේ තක්කඩිකම් කරන්න පුළුවන් නරුමයෙක්ට විතරයි.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 402 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site